මතක මංපෙත

Share

loneliness

තමන් ගෙ ජීවිතේ තමන් ගොඩක් ම ආදරය කරන අය අහිමි උනහම කොච්චර දුකක්, තනිකමක්, වේදනාවක් දැනෙනවද කියල තේරෙන්නෙ තමන් ආදරය කරන කෙනෙක් අහිමි උනහමම විතරයි. ඒ අයගේ මතකයන් හදවතට දැනෙන්නෙ දෙනෙතට කදුලකුත් එකතු කරගෙන. මුළු ජීවිත කාලෙම ඒ මතකයන් එක්කම ජීවත් වෙන එක කොච්චර අමාරු උනත් තමන් ව දාල ගිය කෙනාට ලං වෙන්න තියෙන එකම ක්‍රමයත් ඒ මතකයන් විතරයි. කවදාවත් අයෙත් එන්නෙ නෑ කියල දැන දැනත් ඒ මතකයන් එක්ක ජීවත් වෙන්නෙ ඒ කෙනාට තියෙන ආදරය කවදාවත් වෙන් කරන්න බැරි විදියට බැඳිලා තියෙන නිසා.විශේෂයෙන්ම තමන්ගෙ සහෝදරයෙක් සහෝදරියක් ඒ විදියට අහිමි උනොත් ඒක දරාගන්න ගොඩක්ම අමාරුයි. මම මේක ලියන්න හිතුනෙ මටත් ඒ වේදනාව මිනිත්තු කිහිපයකට හරි දැනුන නිසා. ඒ වේදනාව මිනිත්තු කිහිපයකට සීමා උනත් ඒ මතකය ගොඩක් කල් යනකම් හිතට වද දුන්න නිසා මට හිතෙනව මටත් කෙනෙක්ගෙ ඒ වේදනාව තේරුම් ගන්න පොඩි හරි හැකියාවක් තියෙනව කියල. කෙනෙක්ගෙ කඳුලක් දැක්කම මගෙත් ඇස් බොද වෙන්නෙ ඒක නිසා වෙන්න ඇති. මට මේක ලියන්න හිතුනෙ  මෙන්න මේ කවි පෙළ මට ලැබුනට පස්සේ.

බාල වියේ බැඳි සොඳුරු යදම් වැල්
සිහිවෙයි තවමත් නැතිවම නිකැළැල්
ඔබ හා මා කල කවට දබර කම්
නොසිතූ ලෙසකම නිම විය කඳුලෙන්

නුබේ රිදුමට දොස් තබන්නට
නුබට රිදවා දොස් අහන්නට
කෑ ගසා නුඹ අමතලන්නට
දිනක් නැහැ යලි එලෙබ තුටු වන්න

ලතෙනි දෑසග කදුළු බිඳු දිලිසෙන
දිලෙන බිඳුවත් රූරා හැලෙන්නට
උල්පතක් දෝ උණු කඳුළු වගුරන
දෑස් මේ නැහැ තවත් වියලෙන්න සැරසෙන

ජීවිතයෙ දුර යන්න පැතූ ඒ අත්වැලම
කෙසේ මග හැරුනිදෝ නෑ තවම නිශ්චිත
හැර ගියේ ඔබ වුවත් අප නොවෙද පව් කර
මතක මංපෙත ගොඩ ගසන්නේ ඔබ නමින් ලියැවුන