සිහින දනව්ව

Share

කදුලක උණුසුම හදවතට නොදැනෙන්න
මද පවනේ සිසිලසින් හදවත නහවන්න
ඔය මුහුණෙ මදහසත් හැමදාම පවතින්න
දෙනවාද සොදුරියෙ ඔබෙ අත මට රැකගන්න

හැම මොහොතේම සිහි වන්නේ ඔබේ රුවයි
උදෑසනම මං පතන්නේ ඔබෙ සුභ දවසයි
රෑ නින්දෙදි පතන්නේ ඔබෙ සුව නින්දයි
සෑම විටම පතන්නේ ඔබෙ සිනහවමයි

හිමි උනොතින් ඔබෙ සියුමැලි දෑත මට
සුරකින්නම් නෙවෙනස් ලෙස සැමදාට
ඔය දෑසින් කදුලක් නොම වැටෙන්නට
රැක ගන්නම් සිනහව දිවි පුරාවට