The blind wife : පස්වන කොටස

Damithri 0 Comments

පළමු  කොටස :http://fos.cmb.ac.lk/blog/the-blind-wife/

දෙවන කොටස : http://fos.cmb.ac.lk/blog/the-blind-wife-part-2/

තෙවන කොටස: http://fos.cmb.ac.lk/blog/the-blind-wife-part-3/

හතරවන  කොටස : http://fos.cmb.ac.lk/blog/blind-wife-4/

පස්වන කොටස

මා ඉතාමත්ම සෙමින් කන් අඩි පලා පුපුරා නො යන සේ ශබ්ද නොනැගෙන පරිදි මහාචාර්යතුමාගේ දොරට ඉතාමත්ම සෙමින් තට්ටු කරන්නට වීමි. දෙවන වතාවට තට්ටු කරන්නට සූදානම් වනවාත් සමඟම ඉතාමත්ම කරුණාවන්ත හඬක් විසින් කාමරය තුලට කැඳවනු ලැබූවා.

විශාල රාජකාරී කාමරයක් පොත්පත් වලින් පිරී තිබුනා.ඉතාමත්ම වටිනා ලීයකින් කල ශෝභාසම්පන්න මේසයක් කාමරයේ පසෙක තියා තිබුනා. වටිනා සෙටි පුටුවක් කාමරයේ මැදින් තියා තිබුනා. තිරරෙදි කාමරයට ගෙන ආවේ පෞරාණික බවක්. ඒ මේසයේ පසෙක ජීවිතයේ අවසන් භාගයට ලඟාවෙමින් සිටි මහාචාර්යතුමා අසුන්ගෙන සිටියා. ඉතාමත්ම දයාබර හඬකින් ඔහු මා අමතා සිටියා. මාගේ ආගිය වගතුග විමසා,  සිත් රිදුම් දෙන මාගේ අතීත ජීවිත කතාන්දර හමුවේ ඔහු කාරුණිකව  සිනා සී සිටියා.

”අද පටන් මම ඔබගේ පියාණන්ගේ තනතුරේ සලකන්න.මගේ බිරිඳ ඔබගේ මෑණියන්ගේ තනතුරේහි ලා සලකන්න. ඉදිරි වසර කීපය පුරාවට දයාබර දියණිය ඔබ තනිවී නැති බව පමණක්ම සිතන්න” ලෙස මහාචාර්ය තුමා පවසා සිටියා.

මහාචාර්ය ඉයන් පීටර්සන් සමඟ පැවති,පැය ගණනක සාකච්ඡාවෙන් අනතුරුව මම මාගේ පශ්චාත් උපාධිපාඨමාලාව සඳහා තෝරාගත්තේ ” ප්‍රජනනයේදී ගවදෙනුන්ගේ සිරුරේ සිදුවන හොර්මෝන වෙනස්කම් ගව විශේෂයෙන් විශේෂයට වෙනස් වේද නොවේද යන්න සොයා බැලීමයි.මේ සඳහා  මා තාවකාලිකව ගොවිපලක  හිමිකාරියකව විය යුතුව තිබුනා.

ජීවිතය නම් වූ මේ පුදුමාකාර නවාතැනේදී මම විවිධ චරිත රඟපා ඇත්තෙමි. විට දියණියකගේ චරිතය තවත් විටක මිතුරියකගේ චරිතය නැගෙනියකගේ චරිතය, පෙම්වතියකගේ චරිතය, විවිධාකර චරිත විවිධාකර  තීව්‍රතාවලින් මම රඟපා ඇත්තෙමි.

නමුත් දැන් මා විසින් අලුත්ම චරිතයක, පුරුදු ජීවිත වේදිකාව මත නිරූපන කටයුත්තක යෙදිය යුතුයි. ගෙවිලියකගේ චරිතය මා නිරූපනය කළ යුතුයි. පළමු පැයට පසුව තවත් දෙවෙනි තෙවෙනි ආදී තවත් පැය ගණනාවක, සාකච්ඡාවකින් පසුව මහාචාර්ය ඉයන් පීටර්සන් පැවසූ ආකාරයෙන් මම මගේ නවාතැනින් නික්ම සමර්සෙට් ගම්මානය බලා පිටව යා යුතුව තිබුනා. ඒ එහි පිහිටි ගොවිපලක් මගේ විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා සූදානම්ව තිබූ බැවින්. ඉයන් පීටර්සන් පැවසූ පරිදෙන් ඔහු ලකුණු කර දුන් සිතියම් කොලයද මගේ ගමන් මල්ලේ ලාගෙන විශ්ව විද්‍යාල භූමියෙන් නික්ම ගියෙමි. ඒ පරීක්ෂණ කටයුතු වලට අදාල යෝජනා ලියවිල්ල හැකි ඉක්මණින් ඔහු වෙත ලබා දෙන්නට ද පොරොන්දුවෙමින්.

මා මට ලබාදී තිබූ රෝද දෙකේ සයිකලයෙන් නැවතත් විශ්ව විද්‍යාලයේ පිවිසුම වෙත ගොස් එතැන් පටන් මල්ලිකා නැන්දාගේ නිවස බලා නික්ම ගියෙමි. අවට වූ සිරි නරඹමින් ඒවායේ සතුට සිතින් විඳිමින් මම නැන්දාගේ නිවස බලා යන අතරතුර මාගේ අතීතය මා ඉදිරිපස මැවෙමින් තිබුණි. අක්කාගේ හිතුවක්කාර විවාහයත් එයින් ශෝකයට පත්වූ අම්මාගේ මරණයත් අප්පච්චීගේ සසුන් ගත වීමත් නිසා මා අනාථයෙක් වී සිටිමි. අම්මා මිය යන්නට පෙර කළ ඉල්ලීමත් අප්පච්චී අම්මා වෙනුවෙන් මට ආයචනාත්මකව කියා සිටි නිසාත් මම වැඩිදුර අධ්‍යාපන කටයුතු උදෙසා මෙහි ආවෙමි. මට මාගේ දුක හෝ අසතුට බෙදා ගන්නට මිහි පිට කෙනෙක් නොවේ. මට හිතවත් අයෙක් ද නොවේ. යමෙක් වේ නම් ඒ මල්ලිකා නැන්දා පමණි. මා හෙට ඇයගෙන්ද සමුගෙන තනිවම සමර්සෙට් ගම්මානය බලා පිටත්ව යායුතුය. මා ආ මග ඉතාමත්ම කෙටියි. නමුත් මා යා යුතු මග ඉතාමත් දුරයි. ඒ දුරම මග මා හමුවන කරදර බාධා මැද නොසැලී නොබියව මගේ ගමන යායුතුයි.

 

මාගේ සිතිවිලි දාමය තුළින් මම මල්ලිකා නැන්දාගේ නිවසට ළඟා වුනෙමි. ලංකාවේ සිට ගමන් මලු වල අසුරාගෙන ආ බඩු බාහිරාදිය මට මල්ලිකා නැන්දා දුන් කාමරයේ තාවකාලිකව හෝ  පිළිවෙලට අසුරන්නටත් ප්‍රථම ඒ නිවසින් සමුගැනීමට සිදුවීම පිළිබඳව ඇය සත්‍ය වශයෙන්ම කම්පා වූවාය. එහෙත් අත් හැරීම ජීවිත අංගයක් වූ මට එය තවත් එක සමුගැනීමක් ම විය.

 

පසුදා උදැසනින අවදිවූ මම නැන්දා පිළියෙල කරදුන් අහාරවේලද මාගේ ගමන් මල්ලේ ලාගෙන සමර්සෙට් බලා පිටත් වූයෙමි. මා ඇගේ දෙකකුල් අල්ලා ඉතාමත්ම ගෞරවයෙන් වන්දනාකොට ආශීර්වාද ලබාගත් මොහොතේ කොහේදෝ සැඟවී තිබූ කඳුලු බිඳු කීපයක් ඇසින් කඩා හැලුනා මට තවත් මතකයි.

මාමා සමඟින් බස්නැවතුම් පළක් වෙත ගොස එහි සිට මාගේ ගමන් මම තනිවම ඇරඹුවෙමි.

බස් රථය සමර්සෙට් වෙත ලඟාවන විට අන්ධකාරය වැටෙන්නට ආසන්න වී තිබුනි. සමර්සෙට් බස් නැවතුම්පලේදී බසයෙන් සමුගත් මම මට මහාචාර්ය තුමා ලබාදුන් සිතියමේ දැක්වුනු පරිද්දෙන් මාගේ ගොවිපල බලා අශ්වරථයකින් ගමන් කළ යුතුව තිබුනි. මා කිසිදිනක අශ්වරථයකින් ගමන් කර නොතිබුණි. උපන්දා සිට මාපිය වියෝව දක්වාම කාර් රථයෙන් ගමන් ගියෙමි. කුමරියකට ලැබෙන සැපය තරම් වූ සැපයක් ලැබූවෙමි. නමුත් මා දැන් සිඟන්නියකගේ තැන්හි පත්වී සිටිමි.නමුත් තවත්මත් මාගේ බැංකු ගිනුම්, කොටසක් අක්කා වෙනුවෙනුත්, තවත් කොටසක් බුදු සසුන වෙනුවෙනුත්, වෙන්කල පසුත් ඉතාමත්ම පොහොසත්ව  තිබුණි.

මා හතර අත බලමින් සිටි විට පාරේ ගමන් ගත් සුදු අශ්වයෙකු බැඳි මනස්කාන්ත රථයක් මා ඉදිරිපස නැවතුණි. රථයේ රියදුරු වූ ඉතාමත්ම කඩවසම් තරුණයෙකු මට කරුණාවෙන් අමතා අසා සිටියේ ඔබ කොතැනකට යන්නීද කියා පමණි. මා අත වූ සිතියම ඔහු අත තැබූවෙමි. එය දෙස විමසිලිමත් බැල්මක් හෙලූ ඔහු සිනා සී මට ඔහුගේ රථයයේ අසුන් ගන්නට කියා කී අයුරු අදටත් මාගේ මතකයේ ඇඳී පවතී.

ඒ අශ්වරථයේ රියදුරු හා ගමන් කරන්නා අතර කිසිඳු ආවරණයක් නොවූයෙන් මා ඉතා හොඳින් ඔහු දැක ගත්තෙමි. මාගේ සමේ පැහැය පරදන තරම් පැහැපත් වූ හෙතෙම උසට සරිලන දේහයකින්ද යුක්ත වූයේය. බාගෙට කැරළි ගැසීගත් ඔහුගේ හිසකේ එක් කළේ වචනයෙන් කියන්නට නොහැකි තරමේ හැඩයක්. ගොම්මනේ ගමන් ගත් නිසා මට අවට සිරි නරඹන්නට නොහැකි වූවා. නමුත් පෙර කිසිදා නොවූ විරූ පරිදි අමුතුම නිහඬ නිශ්චල බවකින් මුළු පළාතම වැසී තිබුණා කියා මා කීවොත් වැරදීමක් ඇත්තෙම නැත්තේය. ඇදටත් මා ඒ නිහඬ නිශ්චල බව රසවිඳිමි රාත්‍රී සිහිනයෙන් පවා.

මා ගමනේ යෙදුනු කාලය අතරතුර රාත්‍රිය උදා වූවා පමණක්ම නොවේ සඳද පායා තිබුනා. අබලන්ව තිබූ පාරේ ගමනේ යෙදීම නිසා අශ්වයා මා හා ඔහු යන අප තිදෙනාම වෙහෙසට පත්වී තිබුනා.එකවර විශාල විදුලි බුබුලක් තිබූ කණුවක් අසල රථය නැවතූ ඔහු කියා සිටියේ කඩුල්ලෙන් ඇතුලු වී මීටර් හාරසියයක් පමණ ගමන් කළ විට ඔබට ඔබේ නවාතැන්පොළ හමුවේවී කියා. නමුත් බර අධික වූ ගමන් මලුද රැගෙන මේ මහා අඳුරේ මීටර් හාරසියයක් කෙසේ තනිවම ඇවිද යම්ද කියා මා නොදැන සිටියා. ඒ මොහොතේ ”රිච්ඩ්” අශ්වාරෝහකයා සන්සුන් සිතින් හා වචනයෙන් පවසා සිටියේ ” ඔබට යමක් කරදෙන්නට ඇත්නම් එය මට සතුටක්” කියා පමණි.

රිචඩ්ගේ ද උපකාර ඇතිව මා මාගේ ගොවිපළ වෙත ගමන් ගත්තා. .ඒ ගොවිපළේ විශාලත්වය මා රාත්‍රියෙදී නොදුටු නමුත් ගොවිපළේ වූ ගොවි නිවස ඉතාමත්ම සැප පහසු එකක් වූවා. මට ඉක්මණ් නින්දක් අවශ්‍ය වී තිබූ නිසාම ඉක්මනිම රිච්ඩ්ට සමුදී මගේ සුව පහසු සයනේ මා වැතිර ගත්තා.

පසුදා මා උදෑසන අවදිවූයේ හතරවටින් ඇසුනු ගව රැලක හඬ නිසා. මාගේ මතකයේ ඇති අයුරින් මා දිව ගියා ජනේල කවුළුව වෙතට. මාගේ නිවස වටකර සිටි විවිධ වයස් සීමා වලට අයත් වූ නේක වර්ණිත ගවයන් රැලක් මා දෙස බලා සිටියා. මටහ් නොදැනීම මාගේ මුව අගට පහළ වූ පුංචි සිනහව අවසානයේ සිනහා පිපුරුමකින් අවසන් වූවා…………………………………………………………………………………………………………………………………………..

ජීවිතයේ වසත් කාලය උදාවන්නට ආසන්න බවක් මට ඉබේටම වාගේ සිතුනා සහ එය එලෙසින්ම වූවා.

මට මතකයි රාත්‍රී ඇඳුමට උඩින් පෙරදා පුරා මා ඇඳ සිටි බෝල් ගවුමත් ඇඳගෙන අඩියට දෙකට මම මගේ ගොවි නිවසින් එළියට පැනගත්ත හැටි. පොඩි කාලේ ඉඳලම මට හොඳ පුරුද්දක් තිබුණා, සත්තු එක්ක කතා කරන්න. අම්මාගේන් සහ අප්පච්චීගෙන් ලැබුනු සෙනෙහසට අමතරව මම සෙනෙහසක් ලැබූවේ  නිවසේ ඇතිදැඩි වුණු  බලු පැටවුන් සහ මගේ පූස් පැටවුන්ගෙන්. ඒ ආදරණීය හිතවත්කම් අදටත් මගේ හිතේ ගැඹුරුම තැනක ලියවිලා ඇතී..

මම ඉක්මණටම ගැණගත්තා මගේ පැටවු ගණන . ගවයින් 12 ක් ඒත් එක්කම  කුකුළ් පැටවු 18 ක්.

මම දැන් ගොවිපලක හිමිකාරියක්. ගවයන් 12 ක් කුකුළ් පැටවු 18 ඉන්නා අම්මා කෙනෙක්.