කොළොම්පුරෙන් සබරෙට…

Pranith 0 Comments

“මචං Trip එකක් යමුද?” තරුණ වයසේ ඉන්න ඕනම කොල්ලෙක් කෙල්ලෙක් තමන්ගෙන් අහනවට කැමති ප්‍රශ්ණයක් තමා ඒක. මොකද Trip එකක් යනව නම් අපේ අයට ඊට වඩා දෙයක් ඕන නෑනෙ. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පළමු වසර සිසුන් වෙච්ච අපෙනුත් අපෙන් අහනකන් පෙරුම් පුරාගෙන හිටපු ප්‍රශ්ණයක් අපේ අයියලා ඇහුවා. ඒ තමා “Batch Trip එක යනවද?” කියන එක. ආයෙ ඉතින් කතා දෙකක් නෑනෙ. හැමෝගෙම උත්තරේ වුනේ ”ඔව්” කියන එක තමා.’කැම්පස් එන ඕනම කෙනෙක්ගේ හීනයක් තමා තමන්ගේ Batch එකේ යාළුවෝ එක්ක Batch Trip එක යන එක.

ඉතින් Batch Trip එක යන්න තීරණය කලාට පස්සේ හැම දේම සංවිධානය කරන්න පත් කලා CO තුන්දෙනෙක්. ඒ වැඩේට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ කරුණාවන්ත හදවතක් ඇති කරුණා, Batch එකේ වීරයෙක් (කියල හිතන් ඉන්නවා) වෙච්ච ටයියා, මහා ලොකු වයසක් නැතත් හැමෝටම නැන්දම්මා වගේ ඉන්න ආදරණීය ආන්ටි. මේ තුන්දෙනා ඉතින් කට්ටියට උපරිම සාධාරණයක් කරන්න තමා උත්සාහ කලේ. ඒ උත්සාහය සාර්ථකයි කියලා අපිට බය නැතුව කියන්න පුළුවන්. Function එකක් කරනවා කිව්වහම ලේසි නෑනෙ. කැපකිරීම් කෝටියක් මැද්දෙන් තමා කරන්න වෙන්නෙ. ඒ අතරේ ආතල් එකත් උපරිමයි. ඉතින් අපි බලමු අපේ trip එකේ මොනවද වුනේ කියල.

Trip එක යනව කිව්වට පස්සේ කට්ටියට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා ”කොහෙද යන්නේ?” කියන එක. ඉතින් තීරණාත්මක සාකච්ඡා වට කීපයකින් පස්සේ තීරණය කලා සබරගමුව කැම්පස් එකේ තියන ”ආදර කන්ද”තරණය කරන්න. ආදර කන්දට යනවා කිව්වා විතරයි අපේ කොල්ලො ලහි ලහියේ ලෑස්ති වුණා. වෙන මොකටවත් නෙවේ ගොඩ යන්න. කෙල්ලෙකුයි කොල්ලෙකුයි අත් අල්ලගෙන ආදර කන්ද නැගලා බැස්සට පස්සේ ඒ දෙන්නා ගොඩ ගිහිල්ලා ජීවිත කාලයම එකට ඉන්නවා කියලා කතාවක් තියෙනවනේ. මේ ගැන අහල අපේ කොල්ලො දඩිබිඩියේ ලෑසිති වුණා ගේමක් ගහන්න. ඒ ගැන ඉස්සරහට කියන්නම්කො. කොහොම හරි trip එක යන්න හැමදේම ලෑස්ති කරලා ඉවර වුණාට පස්සෙ දැන් බස් 7ක් පිරෙන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ බස්නායකලත් පත් කලා. ඒ භාරදූර කාර්යයන් පැටවුණේ Batch එකේ ඉන්න සුපිරිම කොල්ලො ටිකකට. වට්ටි, සැපා, ඇමති, සචින්, දුකා, වරියා සහ උක්කුවා තමා ඒ සුපිරි කොල්ලො ටික. සමහර බස්නායකලා කොච්චර සුපිරිද කියනවනම් CO ටයියා එක බස් එකක සාමන්‍ය මගියෙක්ගෙන් අහලා ”මචං උඹ පොඩ්ඩක් බස් එක බලා ගන්නවද කියලා”. ඒකෙන්ම පේනවනෙ බස්නායක කොච්චර සුපිරිද කියල. ඒ බස්නායක ගාල්ලෙ කොල්ලෙක් නෙවෙයිලු හොඳේ. ඇයි තව බස්නායක කෙනෙක්ට බස් එක කොළඹ එනව විතරලු මතක. ආයෙ ඇස් අරිනකොට බස් එක කොළඹලු. ඔය කියපු ටිකෙන් තේරෙනවනෙ කා ගැනද කියල තියෙන්නෙ කියල. (එයා තමාලු Batch එකේ නිදි කුමාරයා. කමක් නෑ. කවුරුහරි කුමාරයෙක්නෙ කියල හිතන් ඉන්නවා.)


Trip එක යන්න ගත්තට පස්සේ වෙච්ච දේවල් ඉස්සරහට කියන්නම්කො.කොහොමහරි හැමෝම Trip එක යන්න set වුණේ Race Course Ground එක ළඟට. පාන්දර 2 ටම එන්න ඕනෙ කියල දැඩි අණක් දාලනෙ තිබ්බේ. ඒ නිසාම කට්ටිය කලින් දවසේ රෑ ළඟ ඉන්න යාළුවන්ගේ ගෙවල්වලයි, බෝඩිම්වලයි නතර වුණා. මේ අතරේ රෑ එළි වෙනකන් මහන්සි වෙච්ච කට්ටියකුත් ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි වුනත් අපේ කොල්ලො මොකාලගෙ ”පොෂ්” බෝඩිමට (එහෙම කියල හිතන් ඉන්නවා) එකතු වෙලා කට්ටියට උදේට පාන් කපලා ලොකු මහන්සියක් වුණා. ඒ අතරේ තව පිරිසක් රැය පහන් කිරීමේ අරමුණින් බෝඩිමකට ගිහින් බෝඩිමේ අයිතිකාරයාට ලයින් දීම නිසා අනාථ වී පාරේ රැය පහන් කරන්නට සිදු වූ බවත් නොකියා බැරිය. ඒ වගේමයි මහ රෑ Race Course එකේ Wash Room එකෙන් නාන්න ගිහින් පජාත වෙච්ච කොල්ලෙකුත් අර අනාථ වෙච්ච පිරිසේ ඉන්නවා. උක්කුවාගෙන් ඇහුවොත් වැඩි විස්තර දැන ගන්න පුළුවන්. එයා තමයි ඉතින් ඒ. සුපුරුදු පරිදි Trip එක යන්න කලින් දත් මැදලා එන්නත් ඒ කොල්ලට බැරි වෙලා තිබ්බා.හැබැයි මේ දේ කියන්නත් ඕනෙ. අර අනාථ වෙච්ච කොල්ලො ටික අර බෝඩිමට වඩා සැප පහසු විදියට Race Course Pavilion එකේ හිටියලු. ඒ විතරක් නෙවෙයි. වැදගත් වැඩකට ඇල්ලෙගේ ගෙදරට ගිය මොකයි, ජලකුයි ඇල්ලෙගෙ ගෙදර ඇති කරන තඩි පූස් මීයෙක් දැකලා කොච්චර බය වෙලාද කියනවන්ම් තාමත් ඒ ගැන කතා කරනවා. කොහොම හරි පාන්දර 2 ළං වෙද්දි එකා දෙන්නා ගානෙ Trip එක යන්න Ground එකට එන්න ගත්තා.එහෙත් කියන්න ආඩම්බරයි Frens. සුපුරුදු පරිදි පිටත් වෙද්දි පරක්කු වුණා.එක පුද්ගලයෙක් නිසා තමයි ඒක වුණේ. ඔයාල හිතන්නේ ඒ ලවන් කියලනේ. අපෝ නෑ.මේ පාරත් ඒකට වග කියන්න ඕනෙ බිරන්.බිරනුත් ආවට පස්සෙ ඉතින් හැමෝම බිරන්ට සෙත් පතන ගමන්ම Common කුමාරි,KG කොමලී,Pentagon මැණිකේ, සොඳුරු අපාය, කියුබා දේවි, Open සීදේවි, නිල් මනහාරි කියලා නම් කරපු බස්වල නැගලා ගමන යන්න පිටත් වුණා හිතේ දහසක් බලාපොරොත්තු, ප්‍රාර්ථනා පොදි බැඳගෙන. ඉතින් කට්ටියගෙ බලාපොරොත්තු වලට මොකද වුනේ කියල අපි ඊළඟ ලිපියෙන් බලමු. ඊළඟ කෑල්ල තවත් රසවත්.

රූප අයිතිය:

https://goo.gl/1krsgo
https://goo.gl/YGdKye
https://goo.gl/86zWnh