සැඟවුනු විරහ ගී රස

Share

 

ආදරය කළ නොකළ සියලු දෙනා විරහ ගීතයට ආදරය කරන්නේ මහත් ආශාවෙනි. මගේ සවනත වැකුණු එවන් වූ ගී කිහිපයක් මෙසේ ගලපන්නට සිත් විය.

සමහර වැරදි තියනවා කවදාවත්ම සමාව දෙන්න බෑ. ආදරය කියන්නෙත් එහෙම වැරද්දක්. මා එසේ කියන්නේ ආදරය නිසා මට මා පවා අහිමි වූ බැවිනි. ඒ ඔබ ආදරය පෙන්වා මට ලබා දුන් මතකය නිසවෙනි.- “ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති………”

අඳුර සිප ගන්නා සන්ද්‍යාවක ඔබ මා සමඟ සිටියා නම් මේ වැසි බිඳු වැටෙන මොහොතේ ඔබත් එක්ක ඇවිදන් යන්න තිබුනා. කිසිඳු දිනෙක වැසි බිඳුවක රස නොබැලූ මා හට ඔබේ කොපුලේ ඇති වැසි බිඳුවක රස බැලීමට එය අනඟි අවස්ථාවක්.-“මන්දාරම් අඳුර මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ………..”

ඔබ නොදන්නා වූ කරුණක් ඇත. මේ සියලු කාරණා පසුපස සිටියේ මා බව. සඳ පවා සිටින්නේ තමන් හට එළිය ලැබෙන්නේ හිරුගෙන් බව නොදන්නා මෙන් ය. ඒ නිසවෙන් මා හට සිනහවක් නොමැති ඔබේ මුව, විසල් වූ රුක්ෂයන් තිබුන ද ඒ මත නොපිපී මල් ඇති සේය.තවමත් ඔබ මා තෝරා ගැනීමට විමසනවා ය.-“කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී……….”

ඔබේ හිමිකරුවා මා නොවනු ඇත. ලොව ඇති සියලුදේ අත් වැල් බැඳගෙන ඇති නිසාවෙන් ඔබටත් කෙනෙක් සිටිනු ඇත. මන්ද ගඟකට සයුර ද, රළකට වෙරළ ද, නිහඬට වැස්ස ද පවතී.  කිසිඳු කෙනෙකු අපේක්ෂා නොකරන විටෙක සුළං රැළ්ලක් නළලත සිඹිනවා සේ, ඔහු ඔබ සොයා ඒවි.-“හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින්…………

තනි අතින් අත් පොලොසන් දීමට නොහැකි බව හැඟෙන විට රචකයා සිය ගමන් මගේ බොහෝ දුර ගෙවා අවසන් ය.

ගයත් උදාර වීරසේකර

ගී පොතේ නොනිමි සුන්දරත්වය උදෙසා…………..