සිනාසෙන කඳුළු…

Share

ජීවිතය ඇරඹූ

කවිය නුඹ මියුරු

නමුදු මා නොසිතූ

ලෙසට විය රුදුරු…

 

පැමිණි දිගු ඇමතුම්

නිහඬ වූ සැමරුම්

තිලිණ නුඹ මට දුන්

ඉකිබිඳියි රහසින්…

 

මතකයන් සිර වූ

මගේ මුව ගොළු වූ

පැමිණි මඟ සොඳුරු

ඇයි ද අද අඳුරු…

 

නුඹෙ මතක පොකුරු

සිහිවෙලා වැටුණු

සිනාසෙන කඳුළු

නමුදු නුඹ නො දුටු…

 

ක්ෂිතිජය නුඹයි තවම

හැමදාම මං පැතුව

මිරිඟුවක් වනු කෙලෙස

දිනක මගෙ වෙනවා ද…

 

Image Courtesy :
http://breathingartofficial.altervista.org/wp-content/uploads/2017/04/large-1.jpg

 
Tagged : /