මගේ ආදර අවනඩුව

Ramalka 1 Comment

දේශන නිමා වී

හිරු සැඟවෙන යාමයේ

සුළඟට මුසු වූ සුවඳැති මතකය ඔස්සේ

අදට ත් ඉඳහිට පිය නගමි හෙමිහිට

සරසවියේ පුංචි ගල් බංකුව වෙත

හද ගැබ තුළ සුසුම් සඟවා

සිනා සී විළියෙන්

වසාගෙන රිදුම් දෙන යෞවනයේ මතක වත

 

ඉඳුවර පහසේ බැඳිලා සිත් සේ

තුරුලුව දෙඩූ නේක කවි ගී

හොරෙන් අසා සිට තනිව සිනාසුණ

සරසවියේ පුංචි ගල් බංකුව උඩ

පෙම මත්තේ සිත රඳවාගෙන

අදට ත් මඟ බලා සිටින වග

නුඹ නො දන්නවා ඇති

 

හායි බායි කියාගෙන

විටෙක සිනා පා විටෙක ඔරවන

හයිබ්‍රිඩ් සමාජයේ

වත්සුනු තැවරුණු

මොණර කොළවල සැඟවුණු

ඇගේ ආලයේ

ඔබත් සැඟවුණා ද ?

කියන් හිතවත කවුරුන් ද ඔය හිත බින්ඳේ ?

 

ඔබ නො එයි නම් නො වලහා කියනු මැන සබඳ,

එවිට පැවසිය හැකි යි මට

ඇහැල ගස් සෙවණ යට

අදට ත් අපි එනතුරු පෙර මඟ බලා සිටින

සරසවියේ පුංචි ගල් බංකුවට

“මමත්, ඔබත් යළිඳු නො එනා වග…..”

 

Image courtesy : http://il8.picdn.net/shutterstock/videos/2932477/thumb/1.jpg

 

 

 
  • Ramalka H. Kasige

    ප්‍රේමය පාලක බලවේගයක් ලෙස ලෝකය වෙලාගෙන ඇති බව අපි දනිමු.ආදරය, ප්‍රේමය නිසරු දෙයක් යයි සිතා ඉවත දැමිය නොහැක්කේ ද සියලු මිනිසුන්ගේ ජීවත් වීමේ බලාපොරොත්තුව එය වන බැවිනි.එනමුත් හිස් වූ ආත්මයන් හිමිකර ගත් විපරීත වැඩිහිටි සමාජයේ, ප්‍රේමය හමුවේ මුලාව හා රැවටීම පොදු සාධකයක් වූ කල්හි, මෙවැනි සිදුවීම් දුලබ නොවන බව පෙන්වීමට ගත් සියුම් වෑයමකි.එය එසේ වූවත්, ආත්ම ලාභය උදෙසා ඇප කැප වූ මිනිසුන් වෙසෙන සමාජයක, සංවේදී ස්ත්‍රී පුරුෂයන් වසන තාක්, ප්‍රේමය, මිලිනව නොයනා සුවඳවත් කුසුමකි.❤