ජීවිතය සහ ගීතය

Share

ගීතයක් යනු පදවැලක්, තනුවක් සහ මියුරු  කටහඩක සුසංයෝගයක්. විටක එම පදවැල ගී රචකයා ලද අත්දැකීමක් විය හැකියි. විටෙක වෙනත් කෙනෙකු ලද අත්දැකීමක් අනුසාරයෙන් ලියවුණා විය හැකියි.

ජීවිතය තුල දුක, වේදනාව, විරහව, ප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි දේට අපි එක ලෙස මුහුණ දෙන්නෙමු. මෙලෙස අප ලබන අත්දැකීම්, ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් ගීයක් තුලින් කියවෙන අයුරු ඔබ අනන්තවත් ශ්‍රවණය කර ඇති බව මට විශ්වාසයි.

තම පෙම්වතියගෙන් වෙන්ව අසරණ සිටින පෙම්වතෙකුට, විරහව ගැන ලියවුණු ගී සවනතට වැටිල ඇති……

දෙළුම් මල් පිපුණු දෙවට දිගේ පාසැල් ගිහින්, අමර නයන ගැන ලියවුණු පොත්වල අකුරු කර පාසැල් මවු තුරුලේ ගෙවූ සුන්දර අතීතයට ගී පද වැල් ඔබව අනන්තවත් වාරයක් රැගෙන ගොස් ඇති…..

අප්පච්චි කොහොමද මං අල්ලන්නේ කියමින් පුංචි කාලේ සුරතල් වුනු හැටි, අකුරට යන්නට බැහැ කියලා අඬපු හැටි, මා ඉතින් යන්න යනවා කියා ඔබ මිතුරු මිතුරියන් ගෙන් වෙන් වු හැටි සිහි කරවන්න විවිධ ගීතයන් ඔබේ සවනතට වැටිල ඇති…..

මෙවැනි ගී අසන විට එය ඔබේම අත්දැකීමක් ලෙස ඔබට හැගිල ඇති……

එම ගීත ලියැවී ඇත්තේ මීට දශක ගණනකට පෙර, විටෙක ඔබ ඉපදෙන්නටත් පෙර විය හැකියි. ඇතැම් විට ඔබ ඉපදුනු ප්‍රදේශයේ හෝ ඔබ ඒ අත්දැකීමට මුහුණ දුන් රටේ වත් නොවිය හැකියි……තවත් විටක ඔබ අද අත්විදින අත්දැකීම දින කිහිපයකින් ගීයක් ලෙස ඔබට ඇසේවි…… මෙය පුදුමයට කරුණක් නොවේද……?

ඇත්තෙන්ම ගීත කියන්නේ අපේ ජීවිතේ අත්දැකීම්…… ජීවිතේ කියන්නෙත් හරියට ගීතයක් වගේ…. ගීත වලින් කියවෙන දුක, වේදනාව, සතුට සෑම දෙයක්ම අපේ ජීවිතයේත් එකට බැදී තිබෙනවා…..

විටෙක ඔබට ගීතය, ජීවිතය හරියට පරස්පර විරෝධී වචන දෙකක් ලෙස පෙනෙන්නට පුළුවන්……නමුත් මෙම ප්‍රස්තුතීන් දෙක තුල විස්තර කල නොහැකි සමීපතාවක් තිබෙනවා…එයට හේතුව මිනිසුන් ජාති, ආගම්, කුල භේද නොමැතිව විශ්වීය ලෙස එකට බැදිලා නිසාත්. මෙවැනි ගී පද ලියන්නේත් අප ලෙසම ජීවත් වෙන තවත් මිනිසෙකු නිසාත්ය……….මනස ඔද්දල් කරන ගීත නොව, මියුරු තනුවක්, අරුත්බර ලස්සන පද වැලක් තිබෙන ගීත රසවිදින්න……

එවිට ඔබ ජීවිතය විද වන්නට නොව ඔබ ඔබේ ජීවිතය රස විදින්නට පටන් ගනීවි….

 

image courtesy: Music and life