ගිලිහුණු සිහිනය

Share

ඉගි කළා ඔය නීල දෑසින්  සිහිනෙකින් වත් නොසිතු සේ
සිතුවෙ ඒ ඔබෙ ආදරේ යයි දෑස් එකිනෙක යා වූ      සේ
රෑ දිවා ඔබ ගැනම සිතුවේ ඒ නිසයි මා මේ         ලෙසේ
ඉල්ලු විට ආදරය ඔබගෙන් ඇයි නිහඩ දැන් මේ ලෙසේ

බලන බලන අත ඇත්තෙ ඔබෙ රුව දෑස මායමෙ පැටලුනේ
සිහිනෙනුත් නුබ ආවේ මා වෙත දෑස නින්දට හුරු      උනේ
ඔබ ගැනයි මා නිතර සිතුවේ නොනිදි රැයවල්       ගතවුනේ
අහිමි බව ඔබ දැනෙන විට මට දෑස කදුලින් තෙත්     උනේ