පෙරළෙන ගලේ පාසි නොබැදේ

Share

ඒකාකාරී සමාජය අතික්‍රමණය කරනු වස්  “වෙනස” පුද්ගල ජීවිතයට ආරූඪ වේ. මෙකී කාරණාව තෘප්ත කරනු පිණිස නිතිපතා දකින දෘෂ්ඨි කෝණය වෙනස් කොට නව මාවතකට පිවිසිය යුතු ය. අත්දැකීම් තුළින් නැවුම් වු ජීවිතයක් සොයා යාම සාර්ථකත්වයේ දොරගුළු විවර කරයි. ජය හා පරාජය කෙසේ දෝලනය වුව ද එය ඉගෙනීම හෙතෙම සාර්ථක පුද්ගලයෙකු කරනු ඇත.

ඉතා කාර්යබහුල ජීවන රටාවකට හසු වී තිබෙන ඕනෑම සමාජයක් කාලීන රාමුවෙන් පිට නොයයි. එම බාධකය ජය ගත හැකි නම් වෙනසක් සමගින් නව පෙරළියක් ඇති කළ හැක. අතළොස්සක් පමණක් ජීවිත අත්දැකීම් හමුවේ සාපේක්ෂ වෙනසකට මුල පුරයි. මෙයට කදිම නිදසුන පෙරළෙන ගලේ පාසි නොබැදේ යන්න යි. ගලක් වුව ද නිතරම එකම ස්ථානයේ තිබෙන විට ඒ මත පාසි බැදේ. නමුත් එය චලනය වන්නේ නම් පාසි බැදීමේ අවස්ථව අඩු ය. අවට පරිසරය ඉහත කියමන සනාථ කරන උදාහරණයක් සපයයි. කැරපොත්තා යනු ඩයිනසෝර් යුගයේ පටන් පැවත එන සත්වයෙකි. කැරපොත්තා අදටත් ජීවත් වන්නේ කාලයට අනුව අනුගත වු බැවිනි.පැරැන්නෝ සමග මා එකඟ වන එක් අවස්ථාවක් නම් ‘කනකොකාගේ සුද ඉගිලෙන විට පෙනේ’ යන්න ය. එය මේ හා සබැඳි නොවූව ද ඔබේ යහපත් බව ඇතැම් විට යම් ක්‍රියාවක නොයෙදෙන තෙක් නොපෙනෙන්නට පුළුවන.

කෙසේ නමුදු අනෙක් සියලු දෙනා සේ ජීවිතය ගත කිරීම රසාස්වාදය නොවනු ඇත. ඒකාකාරී ජීවිතයෙන් ඔබ්බෙහි වු කලී අත්දැකීම් සමුදායක් ඇත. ඒවා ජීවිතයට ලඟා කර ගැනීම සාර්ථක ඉගෙනීමක් වීම නොඅනුමාන ය. මන්ද මා නිතරම පවසන පරිදි  “සමාජය නෙත් යොමා සිටින්නේ සාර වු සංසේචනයක් සහිත ජීවිත පුෂ්පයකට නම් එය සුවද හැමිය යුතු ය”.

ගයත් උදාර වීරසේකර – වෛය්‍යාකරණික නොවූ වෛකල්පික මැවුම් වාදයක් උදෙසා…

Image – http://www.listofimages.com/wp-content/uploads/2014/01/Forest-Arrow-Target.jpg