නාද නූ ’17..

Share

විසල් අරුතක එතී රැයක් බැබලූ තරු..
පොකුරු වී සෙනෙහසින් සොයුරු…
සප්ත ස්වරයෙන් ගෙතූ ගෙත්තම්…
සත් සියක් මධු ගීතිකා, තාම රැව් දෙන්නේ…
නාද නූ…

දුක් ගී මුමුණමින් වෙහෙසකාරීව හැල්මේ දුවන අධ්‍යාපන රටාවෙන් මොහොතකට මිදී, ලැබූ සරසවි ජීවිතයේ සුන්දරත්වය රස විඳින්න ට, ඒ සුන්දරත්වය ආදරයෙන් බෙදා ගන්නට, ඇසිල්ලෙන් ගෙවෙන මේ සුන්දර කාලයේ නොමැකෙන මතක ඉතිරි කර යන්න ට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථ සිසු පිරිසකගේ දැරූ එක් උත්සහයක්, මියුරු සංගීතමය රාත්‍රියක් ලෙසින් පසුගිය 26 වන දින කොළඹ විශ්වවිද්‍යාලයීය නව කළාගාරයේ දී දිග හැරිනි.

එය නමින් “නාද නූ ’17″…

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ සංගීත සංසදය සහ Rotaract සංගමය එක්ව සංවිධානය කරන ලද නාද නූ’17 අප්‍රේල් මස 26 වන බදාදා දින එලෙස දිග හැරුනේ තුන් මසක් පුරාවට එකම අරමුණක එකා වන්ව හිඳිමින් නිරන්තර පුහුණුවෙන් ගොඩනගාගත් සුභාවිත සංගීතයෙන් රසික හදවත් මුසපත් කළ විදු සිසුන්ගේ ගීතමය රැයක් ලෙසිනි.

විදු ඇසින් ලොව දකින විද්‍යාර්ථයින්ගේ සෞන්දර්යාත්මක මානයන් තුලින් ජන්මය ලත් වේදිකාව මත මෙලෙස නාද නූ’17 කලා කුසලතාවයන් වලින් පිරිපුන් විදු සිසුන්ගේ ගායනයෙන් වාදනයෙන් නර්ථනයෙන් මෙන්ම රංගනයෙන් වර්ණවත් වූයේ තුන් වන වරටයි. කීර්ති පැස්කුවල් මහතාගේ හඬින් ද ගී ගැයුනු නාද නූ’17 රාත්‍රිය විවිධත්වයෙන් පිරි අංග රැසක් රසික දෙසවන් වෙත තිලිණ කරන්න ට සමත් විනි.

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ Rotaract සංගමයේ සංවිධානයත් සංගීත සංසදයේ සංගීතයත් මුසුව ඉදිරිපත් කළ නාද නූ’17 හෝරා කිහිපය සියල්ලන්ගේ ආදරය සහ උණුසුම් අත්පොලසන් හඬ මැද ඉතා සාර්ථකව නිමා විය.

 

සංගීතයේ නවමු මං සොයා යන “නාද නූ” චාරිකාවේ තවත් මියුරු ගී සඳෑවක යළිත් හමුවෙමු.!

නාද නූ’17 ඡායාරූප නැරඹීමට පිවිසෙන්න: නාද නූ ’17 by FOS Media

https://www.facebook.com/fosmedia/photos/a.1640070742674357.1073742273.646969708651137/1641900419158056/?type=3&theater

 

 

 
Tagged :