විකස විකසිත විය……….

Share

කලාව යනුවෙන් හැඳින්වෙන්නේ පුළුල් පරාසයක වූ මිනිස් කි‍්‍රයාකාරකම් සහ මානව කෘතීන් රැසකි. ප්‍රකෘතිය මිනිස් මනසේ සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරිම කළාව ලෙස වරක කාල් මාක්ස් ද පවසා ඇත. එය පුළුල් පරාසයක විහිදුණු විවිධ දෘෂ්ටීන්ගේන් සපිරුණු සංකීර්ණ පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය. ඒ පුළුල් මඟ ඔස්සේ යමින් කාලයේ රාමුවෙන් එපිට සිට කළාව කියවීම තේමාව කර ගත් කොළඹ විශ්ව විද්‍යාල විද්‍යා පීඨ කළා සංසදයේ ( විකස ) පළමු මහා සභා රැස්වීම පසුගිය බ්‍රහස්ප්තින්දා ප.ව 12.00ට විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ටී. ආර්. ආරියරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වන්නට යෙදුණි.

Deansir

කළාව යන මාතෘකාව දෙස වෙනත් රාමුවක සිට බැලීම කළා සංසදයේ ප්‍රධාන අරමුණු වලින් එකකි. විද්‍යා පීඨය මෙතෙක් විවිධ කලා කටයුතු වල නිරත වුවත් නිල වශයෙන් කළා සංසදයක අවශ්‍යතාවය සපුරනු වස් කළා සංසදය ආරම්භ කරන්නට එහි සංවිධායක මණ්ඩලය ගත් උත්සාහය මල්ඵල ගැන්වීමක් ලෙස ද මෙම අවස්ථාව සැලකිය හැක. මෙම සභා රැස්වීමේදී පත් කර ගත් නිළධාරී මණ්ඩලය මෙසේය.

සභාපති-චතුර මධුෂාන් සිල්වා
උප සභාපති-ප්‍රධාර කොටඹගේ
ලේකම්-ප්‍රසාදිනී මුතුකුමාරණ
භාණ්ඩාගාරික-රන්දිම බණ්ඩාර
වැඩසටහන් සංවිධායක-කිත්මිණි අල්විස්
තොරතුරු තාක්ෂණ සම්බන්ධීකාරක-පුබුදු නවරත්න
ප්‍රමුක මෙහෙයුම් කමිටුව-උදාන වෙත්තසිංහ,දුලිත මහේෂ් ජයකොඩි,මධුක ප්‍රවීන්
කමිටු සාමාජික-හසිත රවිරංග,රුවන් වික්‍රමරත්න,සචිත්‍ර ජයතිස්ස



vikasa2
vikasa

සභා රැස්වීමෙදී සංසදයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ කෙටි හැඳින්වීමක්ද කල අතර එම වැඩසටහන් පිළිබඳ ඉදිරියේදී වැඩි විස්තර තවත් ලිපියකින් ඔබ හමුවට ගෙන ඒ.