සුභාවිත සංගීතය සොයා – ස්වර සේයා

Share

swaraseya

“කොළඹ විශ්වවිද්‍යාලීය විද්‍යා පිඨය”, ලංකාවේ අංකුර විද්‍යාඥයයන්ගේ තිබිරි ගෙය එය බවට විවාදයක් නෑ… විද්‍යා පීඨයේ අපි ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සත්ත්ව විද්‍යාව, න්‍යෂ්ඨික විද්‍යාව වගේ බොහෝ විද්‍යා විෂයයන් හදාරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විෂය මාලාවන්ට හිරවුන යාන්ත්‍රික උගතුන් පිරිසක්ද මින් බිහිවෙන්නේ කියලා.. අපෝ නෑ.. විද්‍යා පිඨයේ අපට කලාව කියන්නෙත් නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. හැම වසරකම තියන සංස්කෘතික මංගල්‍යය, අපි අපේ පාරම්පරික හා සාම්ප්‍රදායික කලාවත් එක්ක කොයි තරම් බැඳී ඉන්නවද කියල පෙන්වන හොද උදාහරණයක්. “නවකයින්ගේ රාත්‍රිය”, එහෙමත් නැත්නම් Freshers Night අපේ කට්ටියගේ කලා හැකියාවන් පෙන්වන තවත් තෝතැන්නක්. භෞතික විද්‍යා සංගමයේ වාර්ෂික සංගීත පැදුර, “සත්සර” වගේම වෙසක් බැති ගී ගායනාත් මම කියපු අපේ කලාවට සම්බන්ධ වැඩ වලට අයත්. ඉතින් කොහොමද කියන්නේ අපි විද්‍යා විෂයයන් තුල හිර වෙලා කියල.

මේ අතර ආරාධිත ශිල්පීන් සම්බන්ධ කරගෙන අපේ උදවියගේ මනසට කතාකරන සුභාවිත සංගීත සැ‍ඳෑවන් හැකි හැමවිටම සංවිධානය කරන්නත් අපි අමතක කලේ නෑ. ගිය වසරේ අමරසිරි පීරිස් ශුරින් සම්බන්ධ කර ගනිමින් එවැනි සාර්ථක ප්‍රසංගයක් පැවැත්වීමට අපිට හැකි උනා.

මේ වසරේදීත් ඔබේ හදවතට දැනෙන සුභාවිත සංගීතයෙන් ඔබ හමුවීමට විද්‍යා පිඨපිඨයේ අපි සූදානම්. ඒ ලංකාවේ සිටින අග්‍රගන්‍ය සංගීතවේදියෙක් සමගින්. ඔහු නමින් සුනිල් එදිරිසිංහයන්. අපේ හමුව නියමිතව ඇත්තේ 2013 අප්‍රේල්, එනම් මේ මස 24 වන දින. විශ්ව විද්‍යාලීය නව කලාගාරයේදී සවස 6.00 ට.   එහිදී ස්වරයන් සමග දැහැන් ගත වන්නටත් ස්වර සේයා සොයා යන්නටත් අප ඔබට ඇරයුම් කරන්න කැමතියි.