කොළඹ දුවන්නියේ…

Share

train
Image courtesy: Lanil Thilanjana Marasinghe

කෝච්චිය කොච්චර අපූරු වාහනයක් ද? මම හිතුවේ නෑ මගේ ජීවිතේට මෙච්චර සමීප වෙයි කියලා. බිං ගෙය-මාඔය-මා ඔයේ පාලම , මට දැනෙන්නේ ඒවා මං එනකම් බලාගෙන ඉන්නවා කියලා.තවමත් සුන්දර යි කියන ගම්මාන ඇළ දොළ කෙත්වතු ලංකාවේ තියෙනවයි කියලා දැනෙනවා මට කෝච්චියේ යනකොට.ගම්පහ පහු වෙනකොට ඈත තියෙන කැටවල අමුණ දිහා බලාගෙන කුරුණෑගල පැත්තට යනකොට සුපුරුදු හුළඟ දැනෙනවා මට.

කැලණිය පහුවෙලා කැලණි ගඟ උඩින් එනකොට හඬා වැළපෙන කළු වතුර එකතු වෙන , මුඩුක්කු පැල්පත් ඉවුරු මැදින් ගලන කැලණි ගඟ ගැන මට අනුකම්පාවක් ද ? සංවේගයක් ද? අවඥාවක් ද? දැනෙන දේ හිතා ගන්න බෑ.

කෝච්චි පාරත් එක්කම මහ දුරක් යන ලෝකේ එකම ගඟ කියලා හිතෙන තරමට මහ ඔය මගේ හිත අරගෙන. මම මුළු ගමන පුරාම දකින්න ආසම අඹේපුස්සත් යත්තල්ගොඩත් කියන නැවතුම් අතරින් ජංගමයට signalවත් නැති ඒ හරියේ මහ ඔයේ පාලම දෙපත්තෙන් ගඟ ගලන හැටි බලන්න, හරිම ගුප්ත පරිසරයක්.මට ගන්නොරුව පාලම යටින් මහවැලි ගඟ ගලන හැටි මතක් වෙනවා.

කුරුණෑගලත් කොළඹ කොටුවත් අතර මේ ගෙවෙන කාලය විඩාපත් මගේ සතියේ ආගිය තොරතුරු බෙදා ගන්න හොඳම සුයාමය යි….