ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා….

Share

භයෙන් ගැහි ගැහී අම්මලාගේ අතේ එල්ලිලා ඉන්න නංගිලා මල්ලිලා දැක්කාම මගේ හිත අපේ අතීතෙට ඇදිලා ගියා. 2nd year , 3rd year වෙද්දි කොච්චර චන්ඩිකම් දැම්මත් ඔය කොයි කවුරුත් එදා ආවෙ අම්මලත් එක්ක.  මීට කලින් ගිහින් නැති අලුත් පරිසරයකට යන නිසා කොච්චර ලොකු වුණත් අම්මාගේ තාත්තාගේ ආරක්ෂාව යටතේ තමයි එදා ආවෙ.

හරියට අවුරුදු 4 කට කලින් හීන මාළිගා පුරවගෙන අපි සරසවි පින් බිමට අඩිය තිබ්බ් දවස මට නම් අද ඊයෙ වගේ. එනකන්ම හීනයක් වුණ කැම්පස් එක , සුන්දර සරසවි ජීවිතය අපේ ජීවිතයට එක් කළේ අමතක නො වෙන සුන්දර මතකයන්. ඒවා මතක් වෙද්දි නම් ආයෙත් මුල ඉදන් එන්න හිතෙනවා. හැබැයි exam ලියන්නෙ නැතුව. කොච්චර හිනා වෙවී පිස්සු නට නට හිටියත් exam කාලෙ කොච්චර පිස්සු හැදෙනව ද කියලා කොයි කවුරුත් දන්නවනෙ. ඒ කාලෙදි නම් library  එකේ නිදාගෙන හරි ඉන්න ලෑස්ති ය. ඒත් ඒ අමාරු දේටත් මූණ දෙන්න පුලුවන් වුණේ කුප්පි දාල අනිත් අය ගොඩ දාන්න තරම් හොද යාලුවෝ කට්ටියක් අපේ batch එකෙත් හිටිය නිසා.

“මොකද උඹට හිනා ද? හිනාව ගිලපන්” ඒ කාලෙ අය්යලාගෙන් අපි අහගන්න සුන්දර වදන් පෙළ. ” කවුද නංගි උඹට මෙතනට එන්න කිව්වෙ ? ”, ” අර කොටු කොටු shirt එකක් ඇඳන් ඉන්න අය්යා.” එහෙම කියල මම ආපු දෙවනි දවසෙම ” පාවා නො දීම” නම් වූ මූලික නීතියම කඩ කළා .මම කරගත්ත වැරැද්ද නිසා මටත් වඩා බය වුණේ අපේ මේසෙ වාඩි වෙලා හිටපු අපේ යාලුවෝ. ඒ ගොල්ලන්ගේ මූණ දැක්කම තමයි මම දැන ගත්තෙ මම කළේ මහා ලොකු වැරැද්දක් කියලා. ඒකට මම බැනුම් කෝටියක් අහගත්තේ ආයෙ ජීවිතේටම කිසිම දෙයක් පාවලා නො දෙන්න. කොච්චර කට්ටක් වුණත් තෙල කාලෙ ගැන මට නම් තියෙන්නෙ හරිම සුන්දර මතකයන් ගොඩක්. ඒ කාළේ අපේ චිත්‍ර කුසලතා, සින්දු කිවීමේ හැකියා, රඟපැමේ හැකියා, එතකොට නාට්‍යවලට කටින් music දැමීමේ හැකියා සෑහෙන්න දියුණු වුණා. රස්සාවක් හොයා ගන්න බැරි වුණොත් වඩේ විකුණලා හරි ජීවත් වෙන්න අයියලා අපිට practice කෙරෙව්වා. පුංචිම කාළේ සෙල්ලං ගෙවල් දාලා සෙල්ලම් කරැයින් පස්සෙ අපි ආයෙ රඟ පපා සෙල්ලම් කළේ තෙලේ දි. Open එක ඇතුළේ මගුල් ගෙවල් ගොඩයි. ජය මංගල ගාථා ත් කිව්වා අපි සමහර අයට.

ඔය මොන දේ කළත් අය්යලා අක්කලා අපිට ලස්සන welcome එකක් තියලා අපිව පිළිගත්තා. හිතා ගන්නවත් බැරි විදිහට එදා රෑ ලස්සනට decoration කරලා කැම්පස් එක වෙනස්ම මුහුණුවරක් ගත්තා. ජීවිතේ පළවෙනි welcome එක හැමෝටම අලුත් අත්දැකීමක්. Welcome එකේ videoවල රඟපාපු කට්ටිය පාරෙ බැහැලා යන්න බැරි තරමට වුණා.

2nd year එකට ගියාට පස්සෙ ඉතින් පිරිමි ළමයින්ට නම් ඉවසුම් නැතුව හිටියෙ අලුත් නැව ගොඩ බහින කම්. කට්ටිය කොණ්ඩ රැවුල් එහෙම වවලා ලෑස්ති වෙලා හිටියෙ. 1st year  එකෙන් 2nd year  ගියපු එක මහා ලොකු විජයග්‍රහණයක් වගෙයි අපිට දැනුණේ. මොක ද අපි එතකොට එක batch එකකට හරි senior  නිසා.

ලස්සනම ලස්සන පිරිත් පිංකමක් ලේ දන් දීමක් අපි සංවිධානය කළා. ඒ හැම function එකේදිම ගොඩක් අය තම තමන්ගෙ දක්ෂතා විදිහට පුලුවන් උපරිම උදව් කරපු බව නම් හැමෝම දන්නවා. සමහර දේවල් දැක්කම මෙච්චර දක්ෂතා තියෙන අය අපි අතරෙ ඉන්නවා කියලා අපිට වත් හිතා ගන්න බැරි වුණා. විශේෂයෙන්ම පොඩි අයගෙ welcome එකට හදපු ගිනි පිඹින මකරා. පිරිමි ළමයි කොච්චර නම් නිදි මැරුව ද ඕක හදන්න. Functionවලට නිදිමරද්දි නිදන් ඉන්න කෙල්ලො ඇහැරවන්න කොල්ලො call. නිදි මතේ කියවපුවා කිය කිය පහුවෙනිදට ඉතින් අපිව bite වුණා.  කොස් දන්සලට තම්බලා දෙන්න අපේ ගෙදර තිබ්බ හැම කොස් ගහෙන්ම කඩාගෙන ආපු කොස් ටික ඉදිලා කියලා මහ රෑ ආපු කෝල් එකෙන් මට තරු පෙනුණා. නිදිමත කොහේ ගියා ද දන්නෙ නෑ.

1st year එකේ දි බොක්කටම වැදිලා තිබ්බ සමහර අයගෙ batch fit එක 2nd year  වෙද්දි එහෙම ටික ටික අඩු වුනේ නිකන් Y = – mX + C ආකාරයේ ප්‍රස්තාරයක් වගේ.මොකද ඉතින් 3rd year special යන්න තරඟෙනෙ. ඒ හින්ද ද මන්දා එක බත් පතට පොරකාලා කාපු අයත් දැක්කෙ නෑ අඳුරන්නෙ නෑ වගේ හැසිරුනේ. පෘතක්ජන මිනිස්සු නිසා ඉතින් කැම්පස් එකට විතරක් නෙවෙයි ඒක කොතනත් පොදු දෙයක්. කුප්පි දාලා අනිත අයටත් උගන්නන්න මහන්සි වුණ අය අතරෙ ” අනේ මම පාඩම් කලේ නෑ කියලා A+ ගත්ත අයත් නැතුවම නෙවෙයි. කැම්පස් එකෙන් මම නම් මිනිස්සු ගැන සමාජය ගැන ලොකුම ලොකු පාඩම් ඉගෙන ගත්තා.

1st year එකේ ගියපු ආදර කන්ද. 2nd year හන්තාන 3rd year අලගල්ල  4th year ඇල්ල , බෝඹුරු ඇල්ල අපේ ජීවිතේට අමතක නො වෙන අත්දැකීම එකතු කළා. මොනවා වුණත් අපි දැන් කඳු නැගලා නැගලම එවරස්ට් කන්ද වුණත් නගින්න පුලුවන් ෆිට් එකේ ඉන්නෙ. කොහොමින් කොහොම හරි අපි ලංකාවෙ බලන්න ඕන තැන් ගොඩක් ගිහ්න් ගිහින් බැලුවා.

Physical කරන අයට වඩා bio කරපු අපිට තිබ්බ fun එක තමයි ෆිලෙඩ් field trip. ඒක වෙනමම fun එකක්. ගඟවල් වල බැහැලා ඒවයෙ ගැඹුර මනින්න, ගොම හංගලා ඒවට වහන් මැස්සො අල්ලලා උන්ව වර්ගීකරණය කරන්න, ගඟේ මාලු අල්ලලා උන්ගෙ විශේෂ ලක්ෂණ බලන්න, උන්ව මැරෙන්නෙ නැතුව ආපහු ගඟට දාන්න, කුරුල්ලො අල්ලලා උන්ව photo ගන්න, වඳුරො දිහා දවසට පැය දෙකක් බලන් ඉදලා උන්ගෙ හැසිරීම record කරන්න ආයෙ ජීවිතේට අපිට හම්බෙන එකක් නෑ.

Open එකේ හම්බෙන පොඩි ඉඩක පොරකාලා කටට දෙකට බත් කාලා ආයෙත් lectures දුවලා presentation, viva හැම දෙයක් ම අතරෙ අපි ගෙවල්වලට එකතු වෙලා කේක් හදලා යාලුවන්ට birthday surprise පවා දුන්නා. මගේ birthday එකට surprise කරන්න ගිහින් මගෙ යාලුවා නම් හොස්ස කඩාගෙන මාව මාර විදිහට surprise කළා. අන්තිමට නැවතුනේ accident ward ගිහින්.

දුෂ්කර පළාත්වල ඉස්කෝලවල නංගිලා මල්ලිලාට උගන්නන්න අපි සෑහෙන්න මහන්සි වුණා. නිදි මරාගෙන tute හදලා practicalවලට ලෑස්ති වෙලා ගිහින් ඒ ගොල්ලන්ට seminar තියලා අපි lab වලට අවශ්‍ය දේවල් පවා අරන් දුන්නා. ඒ වැඩවලට දවස් දෙක තුනක් ගෙදරින් පිට ගිහින් යාලුවො එක්ක එක කාමරේ නිදා ගෙන රෑ තිස්සෙ හොලමන් කතා කියලා ලබපු අත්දැකීම නම් මාරයි.

Research , thesis මතක් වෙද්දිත් ඇඟ හිරි වැටෙනවා. ඒත් ඒ හැම දෙයක්ම අතරින් අපි ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය සරසවියෙන් ඉගෙන ගත්තා. අවුරුදු උත්සවේ කොට්ට පොර ගහපුවා, දුවද්දි වතුර ගහපුවා functionවල dance කරපුවා, සිංදු කියපුවා ඒවට practice කරපුවා, භක්ති ගීත කියපු හැටි මතකයන් විදිහට හැමදාම මේ සරසවි බිමේ තියේවි. තව අවුරුදු කීපයකින් අපේ batch එක කට්ටියත් අනිත් අය වගේ ලංකාවෙ විතරක් නෙවෙයි මුලු ලෝකෙම ඒ සරසවි නම දිදුලවාවි.

හැම දේම එක්ක අපිට කැම්පස් එකෙන් එළියට යන්න කාලෙ ඇවිත්. වෙච්ච දේවල් මතක් වෙද්දි නං දාල යන්න හරිම දුකයි. Tv එකේ radio එකේ සරසවි ගීත ඇහෙන කොට සුන්දර මතකයන් අලුත් වෙවී අපේ මතකය ආයෙත් ඒ කාලෙට දුවාවි. අපි ඒ මතකයන් එක්ක ජීවත් වේවි.

සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!