බබා නැගිටලා බලන්න ඔයාට e mail එක ඇවිල්ලද කියලා.. ” උදේ පාන්දර අම්මගෙ කියවිල්ලෙන් නැගිට්ට මට අම්ම කතා කරන්නෙ මොකක් ගැන ද කියලාවත් නිච්චියක් නෑ. ඇඟේ තිබ්බ මහන්සියට පොලවෙ ගැහුවා වගේ මට නින්ද ගිහින් තිබ්බෙ. “මට ඒයෙ රෑට නින්ද ගියෙත් නෑ ඔයාගෙ වැඩේ මොකද වෙලා තියෙන්නෙ කියලා ” අම්මා එහෙම කිව්වම මගෙ බඩ පපුවම දාලා ගිහින් මුලු ඇඟම පිච්චුනා. මෙච්චර අවුරුදු 26 ක් වෙලත් අම්මා කොච්චර මම ගැන වද වෙනවද කියලා. දැනුනම කියා ගන්න බැරි තරං දුකකින් ඇඟම හිරි වැටිලා ගියා. එක එක වැඩ වල තියෙන stress එක හැම දෙයක්ම අපි කියවන්නෙ අම්මා ට . හැම දුකක්ම හැම ප්රශ්නයක් ම අහං ඉඳලා අම්මගෙන් ලැබෙන තරං සැනසීමක් කාගෙන් වත් ලැබෙන්නෙ නෑ. අම්මා කියන්නෙ හරියට ශක්ර දෙවියො වගේ චරිතයක් . අම්මගෙ පඬුපුල් ආසනේ තියෙන්නෙ හැම තිස්සෙම උනු වෙච්ච ගමං. හැම තත්පරේම කවුරුහරි දරුවෙක් ගැන හිතන ගමන් තමයි අම්මා ඉන්නෙ. මේ ලෝකෙ අම්මලා තරං නං දුක් උහුලන චරිතයක්. නං තව නැතුව ඇති. උදේ ගෙදරින් පිටත් උනාට පස්සෙ අම්මගෙන් දෙතුන් පාරක් වත් call එකක් ආවෙ නැත්තං හිතටත් හරි නෑ. ගෙදර යද්දි අම්ම ගෙදර නැත්තං ඒක ගෙදර වගේ නෙවෙයි. ඒ තරංම ගෙදර පිරිලා තියෙන්නෙ අම්මගේ ආලෝකයෙන්.
කොච්චර අම්මා වැරදියි කියලා එක එක ඒවාට රණ්ඩු කලත් අම්මා හරිම ඉවසීමෙන් බලං හිටියා. මොන දේ වුනත් අන්තිමට අම්මා හරි කියලා අපි ට වැරැද්ද භාර ගන්න වෙනවා. මොකද ඕනම දේකදි අම්ම තමයි හරිම දේ කරන්න මග පෙන්නනෙ.
ඔනම දෙයක් ගැන අනාවැකි කියන්න අම්මට පුදුම හැකියාවක් තියෙන්නෙ. පොඩි කාලෙ මගෙ හිතේ තියෙන ඒවා හරියටම කියද්දි ” අම්මා අනාගාමී වෙලා වත් ද” කියලා මම දහ අතේ කල්පනා කරලා තියෙනවා. මොකද මම අහලා තිබ්බා අනිත අයගෙ හිතේ තියෙන ඒවා කියන්න පුලුවන් අනාගාමී තලයට පත් වෙච්ච අයට කියලා. ඒත් අම්මට ඒ හැකියාව ලැබිලා තියෙන්නෙ සෛලයක් සෛලයක් පාසා මාත් එක්ක තිටෙන බැඳීමට කියලා මට තේරුං ගියේ බොහොම මෑතකදි.
කේලං මලු අප්පච්චි ට කියලා මගේ වැරදි හදලා මම අද ඉන්න තැනට ගන්න අම්මා දරපු වෙහෙස අපමණයි . මගේ ජීවිතේ හැම අඩියක් අඩියක් පාසා මම අම්මට ණයයි. මට අම්මා තරං හොඳ මනෝ වෛද්යවරවෙක් හොඳ යෙහෙලියක් මට මේ ලෝකෙ වෙන් නෑ.
අම්මා “සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා” මම අම්මට ඒ තරංම ආදරෙයි.