කාන්තාරයේ කුසුම…

Share

desert flower

කාන්තාරයේ කුසුම කියන්නෙ දුක , වේදනාව, ඉවසීම , සතුට කියන හැඟීම් සියල්ලම වගේ පිරිලා  තියෙන කෘතියක්.. ඒ හැමදේටම වඩා ඒ ගැහැනියක් ලියපු සත්‍ය කතාවක් නිසා ඒක ගොඩක් සංවේදි නවකතාවක්. “කාන්තාරයේ කුසුම “කියන්නෙ, පසු කාලයේදි සුප්‍රසිද්ධ අන්තර්ජාතික නිරූපණ ශිල්පිනියක් බවට පත්වෙන්න වාසනාව ලබපු විදිහ සෝමාලියානු එඩේර පවුලකට අයත් වෙච්ච කෙල්ලක් තමන්ගෙ ජීවිත කතාව අලලා ලියපු ස්වයං චරිතාපදානය… දක්ෂ නිරුපන ශිල්පිනියක්, නිලියක්, කතෘවරියක්, එක්සත් ජාතීන්ගෙ විශේෂ තානාපතිනියක් හා විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් සඳහා පෙනීසිටින ක්‍රියාකාරිනියක් වන වාරිස් ඩයරී නම් සුන්දර ගැහනියගේ කතාවයි….එළුවන්, ඔටුවන්ගෙන් ආදී සතුන්ගෙන් හා ඔවුන් අවට ඇති ස්වභාව ධර්මයේ පිහිටෙන් දෛනිකව උපයපු දේවල් වලින් ජීවත් වෙන සෝමලියානු එඬේර පවුලක හිටපු ඇය වයස අවුරුදු 12දි ගෙදරින් පැන යනවා.ඒ ඇගේ තාත්තා ගොඩාක් පොහොසත්, වයසක මනුස්සයෙක්ට ඇයව බලෙන් විවාහ කරලා දෙන්න උත්සහ කරපු නිසා. සෝමලි සංස්කෘතියට අනුව ගැහැනු ලමයින් සඳහා පිලිවෙතක් තියෙනවා චර්ම ඡේදනය කියලා  (circumcise). මෙම කෘතියෙහි ඉතාමත් වේදනාකාරි අත්දැකීමක් ලෙස එය හඳුන්වන ඇය, ඇයටත් අනිත් සෝමාලියානු එඬෙර කෙල්ලන් වගේම එයට මුහුණ දෙන්න සිදු වෙන ආකාරය සඳහන් කරනවා.

ගෙදරින් පැනල ගිය වාරිස් පයින්ම සෝමලියාවේ අග නගරය මොගඩිෂු වලට ගිහින් එහිදි ඇය වගේම ගෙදරින් පිටමං වුන ඇගේ සොහොයුරියව මුණ ගැහෙනවා. එම සොහොයුරියත්, පවුලෙ අය කිහිප දෙනෙකුගේ පිහිටෙනුත් ඇය තව ටික කාලයක් එහි නැවතී ඉන්නවා, ලන්ඩන් වල තානාපතිවරයෙක් විදිහට සේවය කරන ඇගෙ මාමා ඇයව මෙහෙකාරියක් විදිහට ලන්ඩන් වලට ගෙනියනකම්.අවුරුදු 4කට පසුව මාමාත්, ඔහුගෙ පවුලත් සෝමාලියවට නැවත පැමිණියත්, ඇය ගමන් බලපත්‍රය සොයගන්න නෑ කියල බොරුවක් ගොතල ලන්ඩන් වලම නවතිනවා. මේ වන විට වයස අවුරුදු දාහතක් උන වාරිස් ජීවත් වෙන්න විවිධ රැකියාවල් කරනවා. ලන්ඩන් වලදි ඇය වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යනවා ශල්‍ය කර්මයක් සිදු කරගන්න ,ඇයට චර්ම ඡේදනය නිසා ඇති උන අපහසුතා මගහරවගන්න. එය ඇයට විශාල සහනයක් වුනා.එක දවසක් එක්තරා ඒජන්සියක පුද්ගලයෙක් ඇයව තෝරගන්නවා නිරූපිකාවක් විදිහට. නමුත් එක ප්‍රශ්නයක් තිබුනා. ඇයට පිලිගත් ගුවන් ගමන් බලපත්‍රයක් ( (English passport)තිබුනෙ නෑ.  නිරූපිකාවකට එය විශාල ප්‍රශ්නයක්, වෙනත් රටවල් වලට සංචාරය කරන්න එය බාධාවක් වන නිසා.  ඒ හින්දා ඇයට සිදු වෙනවා එරට ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගත හැකි නාඳුනන පුද්ගලයෙක් සමඟ විවාහ වෙන්න. නමුත් අවාසනාවට ,බේබද්දෙක් උන ඒ මනුස්සය ඇය අලුත් ගමන් බලපත්‍රයක් ගැනීමට කලින් මිය යනවා බීමත් කම හින්දා. මේ තත්වයත් එක්කම බලපොරොත්තු රහිත වෙන වාරිස් ට උදවුවට එන්නේ ඇගේ යෙහෙලියකගේ සොහොයුරා ,Nigel. ඔහුගෙ යෝජනාව ඇය හා විවහා වීමට, ඇයත් ඔහුගේ යෝජනාවට කැමති වෙනවා, ගිවිසුමක් පමණක් කියල හිතාගෙන,. ඒත් ඔහුට ඕන වුනෙ සැබෑ විවාහ ජීවිතයක්. ඇය නිව් යෝර්ක් වලට යද්දිත් ඔහු ඇයත් සමගම එහි යනවා.

df

එක දවසක් එක්තරා සිනමා ඒජන්සියක් ඇයගෙන් විමසනවා ඇය පිලිබඳව වාර්තා වැඩසටහනක් නිශ්පාදනය කරන්න. වාරිස් මෙයට කැමත්ත පලකරන්නේ ඔවුන් ඇගේ මව සොය දීමට එකඟ වීමෙන් අනතුරුවයි. විශාල ප්‍රයත්නයක ප්‍රතිපලයක් විදිහට වාරිස්ට පුලුවන් වෙනවා ඇයගෙ අම්මාව සොයාගන්න. සෝමාලියාවේ ඒ වෙනකොට තිබුන යුද්දය නිසාත්, ඒජන්සිය සමග ඇය ඇති කරගත් ගිවිසුම නිසාත් වාරිස්ට අම්මව දාලා ලන්ඩන් වලට ආයෙත් එන්න සිද්ධ වෙනවා. එය නැවතත් නිරූපිකාවක් ලෙස නිව් යෝර්ක් නුවර වැඩ අරඹනව.නිව් යෝර්ක් වලදි ඇයට Dana නම් ඇයගෙ  පලමු ප්‍රේමවන්තයා හමුවෙනවා. මේ කාලෙදි තමයි Marie Claire සඟරාව එක්ක කරපු සම්මුක සාකච්ඡාවකදි ඇයගේ චර්ම ඡේදනය (Female Genital Mutilation -FGM) පිලිබඳව ප්‍රකාශ කරන්න ලැබෙන්නේ. එම සඟරාවේ පලවුන ලිපිය ලොව පුරා විශාල පිරිසක් කියවල තිබුනා වගේම විශාල ප්‍රතිචාර ප්‍රමානයක් හිමි උනා. මෙම ලිපිය මගින් ඇයව තවත්  ප්‍රසිද්ධියටත් පත් උනා. Dana හඳුනා ගැනීමත් සමඟ ඔහු සමඟ සතුටින් ඉන්න වාරිස්, ටික කාලයකින් Nigel ව දික්කසාද කරලා Dana හා විවාහ වෙනව. මේ විවාහයෙන් ඇයට  පුතෙක් ලැබෙනවා Aleeke කියලා. ඒ විදිහට තමයි කාන්තරයේ කුසුම නවකතාව අවසන් වෙන්නෙ නම්. Desert Dawn, Letter To My Mother, and Desert Children ලෙසින් තවදුරටත්  ඇයගේ අත් දැකීම් නවකතාකරණය කිරීමට ඇය සමත් වෙනවා

වයස අවුරුඩු 18 දි ඇයව නිරූපිකාවක් විදිහට සොයගන්නේ බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛම නිරූපණ ඡායාරූප ශිල්පියෙක් වූ Terence Donovan.  . ඇය ඉතා ඉක්මණින් අන්තර්ජාතිකවත් ප්‍රසිද්ධ කාන්තාවක් බවට පත් වුනා. James Bond පිලිබඳව නිශ්පදනය කරපු “The Living Daylights”   හි චරිතයක් නිරුපණය කරන්න අවස්ථාව හිමි වුනා.1996 ඩි එක්සත් ජාතීන්ගේ මහලේකම් Koffi Annan ඇයව , කාන්තාවන්ගේ චර්ම ඡේදනය කිරීමේ කුරිරු පිලිවෙත පලවා හැරීමට එක්සත් ජාතීන්ගෙ විශේෂ නියෝජිත වරියක් ලෙස පත් කරනවා. එක්සත් ජාතීන් වෙනුවෙන් ලොව පුරා සංචාරය කරන වාරිස් ට හමුවෙන විවිධ රටවල නායකයන්, නොබෙල් ත්‍යාග ලැබූවන්, ජනප්‍රිය තරු හරහා ඇගෙ කර්තව්‍යට එක්සත් ජාතීන් වෙත නොනැවතී ආධාර ගලා එන්නත් උනා. මිලියන 11කටත් වඩා වර්තා තබමින් අලෙවි උන ඇයගෙ ස්වයං චරිතාපදානය සමහර රටවල වැඩි වශයෙන්ම අලෙවි වෙන පොත් අතරේ ඉහලින්ම තිබුනා.ඇය සමාජය වෙනුවෙන් සිදු කල මෙහෙයටත්, ඇය විසින් රචිත කෘති වෙනුවෙනුත් ඇය විශල සම්මාන ගණනාවකට පාත්‍ර උනා. ජනධිපති Mikhail Gorbachev   නමින් ප්‍රදනය කරන “Women’s World Award (2004) “ , Glamour  සඟරාව මගින් පිරිනමන “Woman of the Year Award   (2000)”  එයින් කිහිපයක් පමනයි.2002 වර්ෂයේ ඇයගේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඇය වාරිස් ඩයරී පදනම( Waris Dirie Foundation) ගොඩ නැඟුවා. වර්ෂ 2010 දි එය Desert Flower Foundation නමින් යලිත් නම් කෙරුනා. කාන්තරයේ කුසුම නම් ඇගේ කතාව 2008දි, ඔස්කාර් සම්මාන ලැබී නිෂ්පාදකවරයෙක් වූ Peter Hermann  විසින් විශේෂාංග චිත්‍රපටයකට නගනවා කතා නායිකාව වූ වාරිස් වත් සම නිෂ්පාදිකාවක් ලෙස සම්බන්ධ කරගනිමින්.

දුක් කම් කටොලු රාශියක් මැද ආපු ගමනක් උනත් ඇය සෑමවිටම අප්‍රිකානුවෙකු වීම පිලිබඳව සතුටු වෙන බව ප්‍රකශ කරලා තියෙනවා. ස්වභාව ධර්මයත් සමඟම කුඩා කල ජීවත් උන ඇය, ජීවිතේ ලැබුණ ඉතාමත් සුලු දේවල් තුලින් පවා සතුටක් දකින්න පුලුවන් උන කාන්තාවක් වීම තමයි ඇගේ විශාලම සුවිශේෂත්වය.