කුරුණෑගල සිරිය

Share

199897_526086200743157_1939898770_n

යාපහු රජ ව සිටි බුවනෙකබා      දෙවෙනි
අතැර එපව් සත් අවුරුදු            ඇවෑමෙනි
දුට මහ පව් අසල් දනව් ඇතකු         මෙනි
විය රජ දහන් ඇතුගල්පුර එම          සිරිනි

දළ දා මැදුර ඇත් කුස මුළ ඉදි             වීය
දළ දා සිරිත හෙළ ජාතක ලිය              වීය
ඇතුගල බබළවා පෙරහැර කර            වීය
නිරිඳා මෙ කළ සිව්වන පැරකුම්බා          ය

ගිරි සිරසට නැග බැලු කල දස            අතිනි
බැලුම් ගලක සිරි විසිරේ නොම          මඳිනි
පිරිවර මුදුන් හා පුරවර රැක               සිටිනි
ආඳා ඉබි දිස් වේ ඉන් සොඳ              රුවිනි

වත්හිමි කුමරු නැසුණා බව දතු           සේම
ඉබ්බාගලේ සිරි පතුලේ තතු               සේම
සිතින් දරා සිටිනා සෙල් ඇතු               හේම
ඇත් කඳ විහාරය පාමුළ                වඳිනේම

වැව් තලයේ සුළං දියෙන්         නැහැවෙමිනි
අව් රශ්මියේ අබිමන් විඳ              තේජසිනි
අද දින හිඳී ඇතුගල මඟුලැතු           ලෙසිනි
හිස මත වඩමවා බුදු රද මහ             බැතිනි