ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝස් | GNU/Linux Distros

Share

පිබිදීම

ග්නූ සහ ටක්ස් ඩබල(GNU & Tux)

අන්තිම ලිපියේ ඔබ කියවන්න ඇති 1992 දෙසැම්බර් මාසයේ ග්නූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ(GNU/Linux Operating System) පළමු සංස්කරණය නිකුත් වූ හැටි.මේක ටිකෙන් ටික ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මේකට වැඩි පුර ඇල්මක් දැක්කුවේ පරිගණක විද්වතුන්.ඔවුන් ටිකෙන් ටික තමන්ගේම මෘදුකාංගත් ග්නූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට එකතු කරන්න පටන් ගත්තා.මෙහෙම කිරීමේ ප්‍රධාන පරමාර්ථය උනේ සාමාන්‍ය පුද්ගලයෙක්ට පහසුවෙන් මෙහෙයුම් පද්ධතියට පුරුදු වීමට හැකිවීමයි.මෙහෙම එක එක උපාංග එකතු වෙලා නිකුත් උන ග්නූ/ලිනක්ස් පද්ධති වලට කිව්වෙ ‘ඩිස්ට්‍රෝ'(Distro) කියලයි. ‘ඩිස්ට්‍රිබියුෂන්'(Distribution) කියන වචනය කෙටි කරලා තමයි මේ වචනය හැදුනේ.

අද ජනප්‍රිය ඩිස්ට්‍රෝස් කිහිපයක ලකුණු

ඩිස්ට්‍රෝ එකක් කියන්නේ ග්නූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මතට එකතු කරපු තවත් එක තට්ටුවක් වගේ තමයි.හිතන්නකො ගෙදරක් තියෙනවා කියලා. අත්‍යවශ්‍ය සියල්ල තියෙනව ඒත් ඉතින් එච්චර පහසුකම් නැහැ.ඉතින් ගෙදර කාමරවලට ෆැන් එකක් හයි කරල එහෙම ඉතින් ටිකක් ලේසි කරන්න පුලුවන්.මෙ වගේ දෙයක් තමයි ඩිස්ට්‍රෝ එකකින් වෙන්නේ. පාවිච්චිය ලේසි කිරීම තමයි ඒකෙන් කරන්නේ.
මෙහෙම නිකුත් උන මුල්ම ඩිස්ට්‍රෝ ටිකක් දිහ බලමු.

1. MCC Interim Linux- මේ තමයි මුලින්ම ඉන්ස්ටෝලරයක් සමග නිකුත් වූ පළමු ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ එක. මෙය නිපදෙව්වේ ඔවන් ලෙ බ්ලැන්ක්.(Owen Le Blanc)

2. TAMU(Texas A&M University Linux)- මේකත් මුලින්ම නිකුත් වෙච්ච ඩිස්ට්‍රෝ එකක්. මේක නිපදවූයේ ‘ටෙක්සාස් සරසවියේ’ ශිෂ්‍යයන් පිරිසක්.

3. Softlanding Linux- 90 දශකයේ මුල් භාගයේ වැඩියෙන්ම ජන්ප්‍රිය වුනු ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ එක තමා ‘සොෆ්ට්ලෑන්ඩින් ලිනක්ස්’ පද්ධතිය

Softlanding Linux

4. Slackware- අදටත් පවතින පරණම ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ එක තමයි ‘ස්ලැක්වෙයාර්’ කියන්නෙ. මෙහි අලුත්ම අනුවාදය(Version) 2012 නිකුත් වුනා.

Slackware Linux Version 13.0

ටිකෙන් ටික පරිගණක පාවිචිචි කරන පිරිස වැඩිවෙනවත් සමගම, ග්නූ/ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් වැඩි වශයෙන් පාවිච්චි වෙන්න පටන් ගත්තා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තරම් ජනප්‍රියත්වයක් නොතිබුනට සෑහෙන පිරිසක් ග්නූ/ලිනක්ස් වටා රොක් වෙන්න පටන් ගත්ත.

ඉතින් මෙවැනි වාතාවරණයක් නිර්මාණය වූ නිස ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ පාදක කරගෙන විශල සමාගම් බිහිවෙන්න පටන් ගත්තා. මේවායින් පලමු සහ සාර්ථකම සමාගම වන්නේ ‘රෙඩ් හැට්'(Red Hat) සමාගමයි.

රෙඩ් හැට් සමාගම

මොවුන් තමා පලමු වරට ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් විකුනන්න පටන් ගත්තේ. ඔවුන් කලේ ‘රෙඩ් හැට් ලිනක්ස්'(Red Hat Linux) යනුවෙන් ව්‍යාපාර වලට විශෙෂ වූ ඩිස්ට්‍රෝ එකක් නිපදව එය විකුනා නොමිලේ තාක්ෂනික උපදෙස් සැපයීමයි. මොවුන් සාමන්‍ය පාරිභොගිකයාටත් නිදහස් ඩිස්ට්‍රෝ එකක් දෙනවා. ඒ තමයි ‘ෆෙඩෝරා'(Fedora)

Fedora 19

තවත් සාර්ථක වූ සමාගමක් තමයි ‘කැනොනිකල්'(Canonical Ltd.) සමාගම. දකුනු අප්‍රිකානු මිලියනපතියෙකු වන ‘මාර්ක් ශට්ල්වර්ත්’ විසිනි.

Canonical Ltd Logo

මොවුන් තමයි ඉතා ජනප්‍රිය ‘උබුන්ටු'(Ubuntu) ඩිස්ට්‍රෝ එක නිපදවූයේ. ඔයාලටත් මතක ඇති 2007/2008 වගෙ කාලයන්ගේ ලංකාවෙත් ටිකක් ජනප්‍රිය උනා උබුන්ටු. නොමිලේ ලස්සන ඇමුණුමක දාල සීඩී තැටි ගොඩාක් එව්වා ඉල්ලන ඕන එක්කෙනෙක්ට.

Ubuntu 13 (Image Courtesy: Softpedia)

කවුරුහරි එක්කෙනෙක් කිව්වම ‘මම පාවිච්චි කරන්නේ ලිනක්ස්’ කියල, එයා පවිච්චි කරන්නේ මොකක් හරි ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රො එකක් තමයි.
අද කොච්චර ග්නූ/ලිනක්ස් ඩිස්ට්‍රෝ තියෙනවද කියලා හිතා ගන්න බැරි තරම්.
4000කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා කියලා තමයි ඇස්තිමේන්තු කරන්නේ.

තව දේවල් දැනගන්න ඕනෙනම් පහත සඳහන් ලින්ක්ස් ක්ලික් කරන්න

Distrowatch.com   Ubuntu Distro Website

Wikipedia article on Linux Distros