වසන්තයේ දවසක්

Share

වසන්තයේ දවසක
පැටළුනෙමි ඒ දඟකාර නෙතු අග..
යෙහෙලියන් වටකර නගන කිචිබ්චිය
උමතු කරවයි සරසවි භුමියම…

නිහඬවම පියමනිමි
උදෑසන දේශනයට
සිතුවමට නගමින්
නුඹේ රුව සීරුවට

නෙතග මුණගැසෙන විට
ශාලාවේ දෙකෙලවර සිට…
සෙනෙහසක් මෝදුවේ
නුඹ කෙරේ මසිත තුල…

තොරක් නැති වැස්සක..
දේශනය නිමාවිය..
සිහිනෙකින් වාගේ ලැබුනු ඇරයුමකට
සැඟවුනෙමි මා නුඹේ නිල්වන් මුතු කුඩය යට..

සීතල වූ වැහි බිදුව
නුඹේ රත් කොපුල් මත…
සීරුවෙන් ගලා යයි
නුඹේ උණුසුමෙන් මත්ව…

විඳින්නට සිත් වුව ද
ඒ වැහි බිඳුවක රසය..
නමුදු නවතිමි මා…
නුඹේ රුව ඉතිරි කර
වසන්තයට……..