ශෝකයේ යාතිකාවක්..

Share

සැම මන් පිනවූ හඬකි ඇසුනේ එදා
පාසැල් බිම පුරා විහිදී ගිය
දසන් විහිදුනු සිනාවකි සැම වෙත විහිදුනේ
නෙතු දැල්වුණා බලාපොරොත්තුවක් රැඳුනු
මිතුරු කැල නිරතුරු රැඳුනු
ප්‍රිය වූ වා දැකුමත් මිහිරි හඬ ඇසුමත්
ගිගිරුම හා තරඟ වැදුනු අකුණු නැගුව රුදුරු හඩක් අහස් කුස දෙසින්
මහ වැසි පතිත විය , නො නවතින අයුරින්
මිහිකත කම්පා කරමින් ඇදුනා පස් තලයක් මෙදා
වැසුනා කරුණාබර දෑසක් නිමේශයකින්
හිත් පිත් නැති කළු ගල් තනි නො තනිය මකයි
දියණියක් මිහි මව් තුරුලට ගමන් ගනිමින්
ඈ නැති පාලුව දැරිය නො හැකිව තව දුරටත්
ඉඩ දෙනු මැන අප අත් මතින් තැනෙනා හතර රියනක ඔබේ දියණිය සැමදා තබා යන්නට
ඉඩ දෙනු මැන..

 

Image credits : https://www.google.lk/search?q=landslides+in+sri+lanka&source=lnms&tbm

 
Tagged : /