වසරක අතීතය…

Share

කාලය හරි ම පුදුමාකාර දෙයක්, එක මොහොතක්වත්  එක තැනක නවතින්නෙ ම නෑ. හැම වෙලවෙ ම ඉදිරියට ම ගමන් කරනවා. නමුත් මතක ගබඩාව  තුළ නොමැකෙන මතක සටහන් තබනවා.

දණ ගාලා, බඩ ගාලා, දුවලා, පැනලා ලොකු මහත්වුනු අපි පාසල් අධ්‍යාපනයට සමු දීලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ වෙලා. ජීවිතය ආපස්සට හැරිල බලද්දී හිනා වෙලා සතුටු වෙන්න වගේ කඳුළු ම ඇස්වලට කඳුළු කැට එක් කරන මතකයන් ද නැතිව ම නොවේ. එහෙත් පසු ගිය වසරක කාලය නම් හිතට සතුට, විනෝදය, අලුත් අද්දැකීම් පමනක් ම එක් කල වසරක් උනා.

2014 පෙබරවරී 10වන දා නවක ශිෂ්‍යයෝ විදියට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍ය පීඨයට පිවිසුනේ දහසකුත් බලාපොරොත්තු හිතේ පොදි බැදගෙන, 2015 පෙබරවරි 10ත් අපිට නොදැනිම ඇවිල්ලා. විශ්වවිද්‍යාලය තුළ වසරක කාලයක් අප ගෙව්ව දැ යි සිතා ගත නොහැකි තරම් ය. එතරම් ම එම කාලය සුන්දර ය.

Lectures, practicals, reports, assignments, presentations කොපමන තිබුනත් බහිර වැඩ කටයුතුවලට යොද වන්න කාලය අපිට තිබුනා.

සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙලා open එක පිරෙන්න කෑම පිරෙව්ව අපි වෙසක් එකට මුළු විශ්වවිද්‍යාලය ම වෙසක් කූඩුවලින් සහ පහන්වලින් අලෝකමත් කළා. sports day  එක වගේ ම අපේ welcome එකත් අපිට නොමැකෙන මතකයන් ඉතිරි කළා. විශ්වවිද්‍යාලයට ම සෙත් පතා විශ්වවිද්‍යාල දොරටුව ඉදිරි පිට විශාල තොරණක් ගහලා සර්ව රාත්‍රික පිරිත් පින්කමක් කළෙත්, මහරගම පිලිකා රොහලට ලේ දන් දීමක් සිද්ද කළෙත් විශ්වවිද්‍යාලයලයේ තිබුනු සම්ප්‍රදාය ආරක්ෂා කරමින් ම යි.

ආදර කන්දට පෙම් බැදි අපේ කට්ටිය එහි කදු 4ක් ම තරණය කලේ අපේ තිබුනු එකමුතු කමින් ම යි. ඔය අතරෙ අපේ විශ්ව විද්‍යාලයට පැමිණි නංගිලා මල්ලිලා පිලි ගත්තෙ මහ ඉහලින් තොරණ ගහලා. අවුරුද්දක් ගත උනා. අපේ  එකමුතුකම එන්න එන්න ම වැඩි උනා. එ නිසා ම අපේ පළවෙනි උපන්දිනේ මහ ඉහලින් සමරන්න අපි හිතුවා.

පෙබරවාරි 10 උදේ අපේ open එකට අවිත් කේක් කෑල්ලක් කාල යන්න කියල මුළු විශ්වවිද්‍යාලයට ම ආරාධනා කරන්නෙ බොහොම ආදරයෙන්.