අද මං සූදානම් වෙන්නේ අසිරිමත් ලෝකයකට ඔබව කැඳවාගෙන යන්නයි.
විනිවිද පෙනෙන සතුන්, පියාඹන මත්සයන් ගැන ඔබ අසා තිබෙනවාද?සුරංගනා කතා වලදි අසා නම් ඇති.එහෙත් සැබවින්ම දැක තියෙනවාද?නෑ නම් පොඩ්ඩක් එන්නකො මේ පැත්තට…..
අපි වෙන කොහේටවත් නෙමේ යන්නෙ.පෘතුවියෙන් 2/3ක් ම වහගෙන ඉන්න මහා සාගරයටයි.ඔබ මෙතුවක් නොදැක්ක විසිතුරු මත්සයන්,ජලජ ජීවින් කිහිප දෙනෙක් ගැන අද මම ඔබට කියලා දෙනවා.
විනිවිද පෙනෙන සිරුරක් සහිත මොවුන් තම සතුරන්ගෙන් සැඟවී සිටීමට මෙය ප්රයෝජනයට ගන්නවා.තරුණ Larval founder මත්සයන්ට ඉහල දෙසට පිහිනිය හැකි අතර මුහුණේ සෑම දිශාවෙන්ම ඇස් පිහිටයි.කාලය ගත වත්ම පැති දිශා වලටද පිහිනන ඔවුන්ට ඇස් 2 ක් ශරීරයේ ඉහලින් පිහිටවා ගනී.
පැසිෆික් සාගරයේ ගැඹුරු දියේ වාසය කරන මොවුන් ග්රීක මෙඩූසා දෙවඟන සිහි ගන්වයි.
හිස කෙස් වන් පක්ශ්ම පේලියට සැකසී ඇති සමක් පවතින නිසා මොවුන් Comb Jelly නමින් හඳුන්වනවා.ජලය තුලින් ගමන් කිරීමට මේවා ඔවුන්ට ඉතා වැදගත් වෙනවා.ආලෝකය වර්තනය කිරීමේ හැකියාවක් පවතින නිසා ඔවුන්ව දේදුන්නේ වර්ණ වලින් දිලිසෙනු දක්නට ලැබේ.හිරු එලිය නැති වුවද ඔවුන්ව වර්ණවත්ව දැකිය හැක.
ලොව වටා විශේශ 280 කට අධික ප්රමානයක් ජීවත් වන Caribbean Reef squid මත්සයන් ස්වරූපය වෙනස් කිරීමට දක්වන හැකියාවත් ඉහල මට්ටමක පවතිනවා.සමේ පැහැය පමණක් නොව සමේ විවිධ රටාවන් පවා වෙනස් කිරීමට හැකි මොවුන් ගොදුරු අල්වා ගැනීමටත්, සතුරන්ගෙන් බේරී සිටීමටත්, සහකරුවන් සහකාරියන් ආකර්ශණයටත්, තරඟකරුවන් සමඟ සටන් වැදීමේදීත්, එකිනෙකා සමඟ සන්නිවේදනයටත් තම විශේශ හැකියාව ප්රයෝජනයට ගන්නවා.
සූරියකාන්ත මලක් බඳු වූ මෙම ජීවියා කොරල් පර හා ලොඩියන්ට ඉතා ආසන්නතම නෑයන් ලෙස සැලකෙනවා.බුහුබා ආකරයක් වන මොවුන්ට ජීවිතයේ වැඩි කාලයක් තමන් අසලට මාලුවෙකු එන තුරු බලා සිටීමට සිදු වෙනවා.
විනිවිද පෙනෙන සිරුරකින් යුතු මොවුන්ගේ සිරුරේ වර්ණවත් ලප පිහිටයි.මොවුන්ගේ සිරුර වර්ණක රැසකින් යුතු වන අතර සිරුරේ මාංශ පේශි තද කිරීමට හා ලිහිල් කිරීමටද පුලුවන.වර්ණය වෙනස් කිරීමට ඇති හැකියාව ඔවුන් පහර දීමකට ලක්වූ අවස්තාවකදී, ආහාර සොයා ගැනීමේදී, ප්රජනනයේදී ප්රයෝජනයට ගන්නවා.
7540 Km පමණ ගැඹුරු පැසිඵික් සාගරයෙන් හමුවන මෙම සත්වයා ලෝම සහිත අඬු වලින් යුක්තයි.මෙහි බැක්ටීරියාවන් විශාල ප්රමාණයක් වාසය කරන අතර Yeti Crab විසින් මොවුන්ව තම ආහාරය සඳහා තබා ගනී.
පියාඹන මත්සයන් ගැන අසා තිබෙනවාද? එසේ නම් මෙන්න අසන්න..විශේශ 40ක ටත් වඩා සිටින අතර පියාපත් බඳුවු උර කරමල් වලින් යුතු නිසා 60km h-1 ක වේගයෙන් ගුවනේ පියාඹයි.