By

On 14 Jan, 2019

අත් අල්ලන්, රවුම් හදන්, මේ මල් යට නැටුව තරම්! සීනුවේ හඬ පරයන්නට දුව පැන කෑගැහුව තරම්… එහා කොනෙන් මෙහා කොනට, සිනහවකින් මුව සරසන්, හුළඟේ ඈතට ඇදෙනා, මල් පහ හය එකතු කරන්… විදු පියසේ සිහිල් සෙවනේ, නැණ ගුණදම් දියුණු කරන්, එළියේ ලොවට පිය මැන්නේ, මායා ලොව කිරුළු දරන් ගෙවී ගියත් හනිකට දින, හිත අවරට යනෙන තරම්.. ආසයි මං ඒ කාලේ, යළි ළගටම එනවානම්..   Image Courtesy: Nadeeshani

Read More