තුන්මුල්ලේ ගම්මැද්ද….

Share

සූර්යයා මීන රාශියේ ඉඳල මේෂ රාශියට සංක්‍රමණය වෙන බක්මහේදි ලක්වාසී අපිට වසන්තය උදා වෙනවා. අවුරුද්දක් ආරම්භ වෙන්නේ ජනවාරි පලමු වැනිදායින් උනත් ලංකාවේ අපි අලුත් අවුරුද්ද විදිහට සමරන්නේ අප්‍රියෙල් 14 වැනිදා ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද. අලුත් අවුරුදු සමය කියන්නේ අස්වනු කපලා, අටු කොටු සපිරෙන ඉතාමත්  සශ්‍රික කාලයකට.

ඉරට හැතප්මයි කියලා හිතෙන තරමට රස්නෙත් වැඩියි. ඉර පායන්නේ ලංකාවට කෙලින්ම අහසේලු. මේ වසන්ත කාලය පිලිගන්න පරිසරය උනත් හුඟක් කල එලියට සූදනම් වෙනවා. හමන සුලඟේ පවා වසන්තයේ සුවඳ දැවටිලා තියෙනවා කියලා අලුත් අවුරුදු සමයට ආදරේ කරන ලොකු පොඩි කවුරුත් දන්නවා. ගෙදරින් පිට කාර්යබහුලව ඉන්න පවුලේ අය හැමෝම ගමේදි එකට එකතු වෙන, ලක්වාසී සියලු  දෙනාම එකම වෙලාවකදි නැකැත් චාරිත්‍ර ඉටු කරන, සිත් වල තියෙන සියලු තරහ මරහ අමතක කරන, කැවුම් කොකිස් බැදෙන සුවඳ දසත පැතිරෙන, ඒ සුන්දර කාලයට ලොකු පොඩි අපි කවුරුත් ආදරෙයි.ඒ වගෙම තමයි අවුරුද්දත් එක්කම එලඹෙන අවුරුදු උත්සව ගැනත් කතා නොකරම බැහැ. ඒ තරමටම අවුරුදු උත්සව හා බැඳුනු අවුරුදු ක්‍රීඩා, තරඟ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වගේම අපිට සමීපයි.

ලංකාව පුරාවටම වසන්තයේ අරුනලු පැතිර යද්දි කොලොම්පුරේ තුන්මුල්ලේ ගම්මැද්දටත් වසන්තය ඒ වගෙම එබි කම් කරනවා. රොබරෝසියා මල්, මැයි මල් විශ්ව විද්‍යාල භූමිය දැනටමත් සරසල අවසානයි. ඉඳින් මේ අවුරුද්දේ තුන්මුල්ලේ අපිත් අලුත් අවුරුද්ද ජයටම සමරන්නයි සූදානම.කොලඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සුපුරුදු සාම්ප්‍රදාය අනුවම මේ අවුරුද්දෙත් සුර්යය මංගල්‍යයේ සංවිධානය තුන් වන වසරේ සිසු කැල විසින්. හේලි ඉසුරු (කත්තා) හා ගයාන් මහීපාල (පුවිල්) යන තුන් වන වසර සොහොයුරන් ප්‍රධාන සංවිධායකත්වයෙන් දෙදහස් පහලවක් වූ බක් මස විසිතුන් වන ගුරු දින උදෑසන නවයේ සිට විද්‍යා පීඨ භූමියේදි ” තුන්මුල්ලේ ගම්මැද්ද” උත්සවත්ශ්‍රියෙන් සමරන්න අපි සූදානම්.

තුන්මුල්ලේ ගම්මැද්ද....

කැම්පස් එකේ දැනට ඉගෙන ගන්න සිවු වසරෙම සොයුරු සොයුරියනුත් , ආදී විද්‍යර්ථීනුත්, ආචාර්ය මණ්ඩලයත් එකතු කරගෙන එදාට අපි එකම පවුලක් වගේ කිරි උතුරවලා, ජයටම අලුත් අවුරුදු කෑම මේසයක් ඇරලා එහෙම චාරිත්‍ර ඉටු කරන්නත් ලැහැස්තියි.

එතනින් ඉවර වෙන්නෙ නැහැ. කණා මුට්ටි ගහන්න කැමති අයට, බිත්තර අල්ලන්න, කඹ අදින්න, පොල් අතු වියන්න, කොට්ට පොර?? තරඟෙට යෝගට් කන්නත් පුලුවන්? එක්කො කැම්පස් එක වටේ දුවන්නත් පුලුවන්… Modified ගොනී රේස්, කොලපත් රේස් … එත් ඉවර වෙන්නෙ නැහැ. ඔයාලා කැමති මොනවටද? ඒ ඔක්කොම එදාට අතිවිඳින්න පුලුවන්. හොඳම අවුරුදු කුමාරයා තෝරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දැන්ම ඉඳලා අලුත් සරමක් කමිසයක් අරන් එහෙම සූදානම් වුනා නම් ඉතින් නුවණට හුරුයි. එදාට පැමිණෙන ඔබත් සිංහල කම පෙනෙන අපේ කම රැකෙන විදිහට පිරිමි පාර්ශවය සරමකින් හා කමිසයකිනුත් ගැහැණු පාර්ශවය ගවුමක් හෝ වෙනත් සුදුසු ආකාරයකිනුත් සැරසිලා එනවා නම් අපි වඩාත් සතුටුයි.  තවත් එකී මෙකී නොකී තරඟ අංග රැසක් සමගින් ජයග්‍රාහකයන්ට වටිනා තැගී රැසක් දෙන්නත් අපි බලන් ඉන්නවා. දැන් ඉතින් මොකද කියන්නේ. ඔයාලත් එනවනේ. අනිවර්යෙන්ම එන්න ඕන හොඳේ. අපි බලන් ඉන්නවා.

අවුරුදු අසිරිය විඳගන්න එන්න අපිත් එක්ක…

Come & Enjoy the New year with us…

මතක තියාගන්න අතිශයින්ම UOC කෙල්ලො කොල්ලොන්ට පමණයි!!!!