“කොහෝ කොහෝ … කොහේ ඉඳන් කොහෝ කියනවදෝ..”

Share

DSC_0177-300x182

“කොහෝ කොහෝ … කොහේ  ඉඳන් කොහෝ කියනවදෝ..”………. හාත්පස නැගෙන්නාවූ කොවුල් නාදයෙන් එකවර පිබිදුණ මා බසයක් තුළ කෙසේනම් කොවුලෙක් නාද කරන්නේ දැයි සිතන්නට වීමී.
……….. නමුත් ඉන්පසුව මට අසන්නට අසන්නට ලැබුනේ රබන් වාදනයක සුමිහිරි නාදයයි. එයද තත්පර 10කින් පමණ අවසන් වූ අතර ඉන්පසුව කිසියම් පුද්ගලයකු දැන් වේලාව උදෑසන 7 බව පැවසීය. රබානක් තබා කොව්ලෙකුවත් දක්නට නොලැබෙන යුගයක ඔබටත් මා මෙන්ම මෙම අත්දැකීම සුලබව අත්දැකීමට ලැබී ඇති බව මට සැකයක් නැත.මෙය අන් කවර සිදුවීමක්වත් නොව ගුවන් විදුලි නාලිකාවක් මගින් අපට අවුරුදු උදාව ලං වන බව පැවසීමට යොදා ගත් උපක්‍රමයකි.

කොව්ලෙක් කළුද සුදුද කියලාවත් නොදන්නා 21 වන සියවසේ ළමා පරපුරට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ හෝ කොව්ලන්ගේ නාදය ඇසීමට හෝ කොව්ලන්ගේ රූපය දැකීමට සැලැස්වීම එක අතකට අප විසින් පැසසීමකට ලක් කල යුතු වේ. අඩුම තරමේ අවුරුදු උදාවත් සමගම පාරිසරික මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ඈත අතීතයේ සිටම සිදු වෙන්නාවූ විපර්යාස පිළිබදව හැගීමක් හෝ ළමා පරපුර හා වැඩිහිටි පරපුර අතර ඇති කිරීමට සුළු හෝ අත්වැලක් මේ මගින් සිදු වේ යැයි විශ්වාස කරමි. නමුත් කජු පුහුලන් ඉදී හමන සුවඳ, කැවුම් කොකිස් වල රස වෑහෙන සුවඳ, වසන්තය කෙමෙන් කෙමෙන් උදා වෙමින් ගස් වල ඵල බර වන හැටි අත්දැකීමට නොලැබීම නම් වත්මන් පරපුරේ අභාග්‍යකි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් කෙසේ නම් එවැනි හාස්කමක් අසරණ වත්මන් පරපුර අභිමුවේ පිළිබිඹු කරන්නද?

අවුරුදු උදාවටත් පෙර සිටම සියල්ලෝම පාහේ රූපවාහිනිය ඉදිරියේ දෑස් ගැලවී වැටෙන තුරා අසාවෙන් බලා සිටී. ඒ අන් කවරකටවත් නොව තමන්ගේ ජනප්රිුය නළුවා , නිළිය , ගායකයා , ගායිකාව රූපවාහිනී අවුරුදු උළෙලවල් වලදී ජයග්‍රහනය කරයිද නොකරයිද කියා දැක ගැනීමේ අසීමිත ආශාවෙනි.සජීවීව කිසිදා අප අත් දැක නොතිබූ පංච කෙලිය,පොර පොල් ගැසීම ඔඋන් සිදු කරද්දී අපිට සිදු වී ඇත්තේ රූපවාහිනිය දෙස බලා සිටීම පමණි. අභාග්ය වන්නේ රූපවාහිනිය ඉදිරියේ සිටින අප, ඔබ සැමට අවුරුදු උළෙලකට සහභාගී වී ඒ අත්දැකීමේ අසිරිය විද ගැනීමට නොහැකි වීමයි. කොටින්ම කියතොත් නව අවුරුදු සැමරීම මේ වන විට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය වලට පමණක් සීමා වී ඇත.

කැවුම් , කොකිස් , මුං අලුවා වීදි දෙපස අව්වෙන් දූවිල්ලෙන් පෝෂණය වෙමින් කඩවල් වල තිබීමද වර්ථමාන කුල කාන්තාවන්ගේ ආහාර පිසීමේ හැකියාව අපූරුවට පිළිබිඹු කරයි. රූපවාහිනිය තුලින් කෙතරම් අවුරුදු ආහාර වර්ග සාදන ආකාරය ඉදිරිපත් කලත් බොහෝ කාන්තාවන් කඩ වීදියේ පිහිට පතන්නේ පැය 24 කාලය ඔවුන්ට එදිනෙද කටයුතුත් කර ගැනීමට මදි නිසා විය හැක. ආර්ථික අග හිගයෙන් පීඩා විදින වත්මන් පරපුරට අපේ ආච්චිලා සීයල මෙන් අවුරුදු උදාවටවත් ජයටම ලක ලැස්ති වීමට නොහැකි වීම පිලිබදව විටෙක අනුකම්පවකුටත් ඇති නොවෙනවම නොවේ. මේ නිසා එය මිනිසුන්ගේ වරද නොව ජීවන සටන නමැති මහා තරගයේ අනිටු ප්රතිපලි.

කොවුල් හඩක් , රබන් හඩක් නොඇසන , කැවුම් කොකිස් නොඋයන මේ කාලයේ මාධ්ය මගින් හෝ ඒ යුතුකම ඉටුවීම අප අගේ කොට සැලකිය යුතු වේ.අප සංස්කෘතිය රැක ගැනීමට ඔවුන්ගෙන් සිදු වන අත්වැල සුළු කොට තැකිය නොහැක. නමුත් මතු අනාගතයක මාධ්යටත් ඒ කාර්ය සිදු කිරීමට නොහැකි වුවහොත්…………?

Photo Courtesy – Dileepa Liyanagama