අකැපද වැලි මළුවට !

Share

වෙනද වගේ නෑ… හරි පුදුමාකාර තනියක් හිතට..

වෙසක් පෝය හෙටයි,
ඒත්…..

බණ මඩුවෙ පැත්තක වාඩිගත්තු ඇබිත්ති මාමා ලොකු කල්පනාවක…

 

වා තලයත් කම්පිත විද පෙර නොවිරූ විලසට

ආ සුළඟත් නො කියා යන කල නිහඬ ව දුරකට

ළා දලු පත් සිසිලස බෝ සෙවණෙහි මුදු තනුවට

පා සටහන් අකැපද පින්බර සුදු වැලි මළුවට

 

තොරණ නැතිව ඉඳිගහමුල විරිඳු කෝම ගැයෙනවද

පරණ සිරිත බත් දන්සැල රසය තාම දැනෙනවද

සරණ උතුම් තුන් රුවනට කන්නලව්ව ඇහෙනවද

උරණ වෙන්න මේ තරමට ‘මැයි’ වැරදිද කියනවද

 

සැදැහැ ව ළැදි සිල් තිදොරින් හමන පිරිත් නඳ

නිවනට ඇරයුම් පෙරුමන් මහිමෙත් නොව මඳ

පිබිදෙන හැඟුමන් සුපසන් දුරැරා සිත් අඳ

වඩිනු මැනවි අහසට යළි පිනැති වෙසක් සඳ

 

උවසු උවැසියො කවුරුවත් නෑ හිස්බවයි පන්සල පුරා

කඳුළු කැටයක් නෙතට ඉනුවේ අනේ පපු ගැබටත් හොරා

නියත නැති ලොව අනියතමබව පසක් වී බබළන යුරා

නොනිමි පහනක් දල්වනෙමි මම සමිඳු තෙමඟුල හිත දරා

 

දැහැනට සමවැදුණු ඇබිත්ති මාමා; අලුත් බලාපොරොත්තුවක් ඒ මූණෙ හරි ලස්සනට පිපිල...

 

Image link: https://bit.ly/3eR9I5E

 
Tagged : / /