The blind wife -4

Share

1982 ජනවාරි 23 වන දින , උදෑසන නවයට ආසන්න වීමත් සමඟම , මම බ්‍රිතාන්‍ය ගුවන් තොටුපලින් බ්‍රිතාන්‍ය නම් වූ මට ආගන්තුක දේශයට ගොඩ බැස්සා. මා රැගෙන යන්නට ගුවන් තොටුපල කිසිවෙකුත් නොපැමිණ සිටීම මා පුදුමයට පත් නොකළේ, කිසිවෙකුත් නොපැමිණෙන බව මා දැනසිටි නිසා.
බ්‍රිස්ටල් බලා යන්නට තවත් ගුවන් ගමනක් වූ නිසා එතෙක් මම ලන්ඩන් සිටි ගුවන් තොටුපලට වී බලා සිටියේ මේ නාඳුනන රටේ මට යන්නට එන්නට මගක් තිබෙදෝ ,තිබේ නම්, ඒ කවර දෙසකට දෝ කියා පමණි.

එදා ඒ මොහොත වනවිට, මගේ සිතින් බියක් හෝ සැකයක් හෝ නොතිබුණේ මා වෙනුවෙන් මිහිමත සිටියේ මා පමණක් ම වූ නිසා.

මා මියගියොත් හඬන්නට කෙනෙක් නොවී ය. මා ලෙඩ වෙතොත් දුක් වන්නට කෙනෙක් නොවීය. මා අතරමන් වෙතොත් බිය වන්නට කෙනෙක් නොවී ය. මා අතවරයට ලක් වෙතොත් ලතවන්නට කෙනෙක් නොවීය, සිටියේ මා පමණි. මා-පිය අහිමි වීම නම් වූ අති විශාල අහිමි වීමට මුහුණ දී සිටි මට, මා අහිමි වීම සැපතක් ‍යැයි සිතුණු වාර, එතෙක් මෙතෙක් කියා කියන්නට මට හැකියාවක් නැත.

එනිසා හිස කී දිශාවක ගොස් ජීවත් වන්නට මම තීරණය කර තිබුණි. මගේ සිතේ තිබුණේ බියකට වඩා කුතුහලයක් යැයි මට සිතුණි.

මා පසුකර, ලස්සන දිග ගවුම් ඇඳ, මහත්වරුන්ගේ අත්වල එල්ලී ගමන් ගත් සුදු තරුණියන් දුටු මට සිතුනේ, ඒ අත් දිනක ලිහී යන බවක් පමණි. දෙමාපියන්ගේ අතේ අල්ලී මා පසුකර යන දරුවන් දුටු විට මට සිතුණේ එ බැඳීම දිනක බිඳී යන බව පමණකි. නමුත් ඒ සියලු සිතිවිලින් තුලින් මා අපේක්ෂා කරන්නට ඇත්තේ ඇසින් වැටෙන කඳුලු කම්මුල් දක්වා ගලා ඒම නවතාලන්නට මට අවැසි වූ ආත්ම ශක්තියම වන්නට ඇති ……………………………..

පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිට පසුව තවත් එක් ගුවන් ගමනකින් අනතුරුව බ්‍රිස්ටල් වෙත ළඟා වුණෙමි. බ්‍රිස්ටල් ගුවන් තොටුපලට ළඟාවීමෙන් පසුව මට ඉතාමත්ම ඉක්මණින් මගේ තාවකාලික නවාතැන්පොලට ගොස් ගමනාන්තය දකින්නට අවශ්‍ය වුවද, පැයක පමණ කාලයක් , ගුවන් තොටුපලේම රැඳී සිටියෙමි. ඒ මගේ මවගේ පාර්ශවයෙන් හිතවත් වූ නැන්දා කෙනෙක්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන්.

මා මේ කතාන්දර මේ අයුරින් ලියා දක්වන විට ඇය ජීවතුන් අතර නැතත්, මට මවක සේ හිතවත් වූ ඇය ආදරයෙන් හා සෙනෙහසින් සඳහන් කරමි. ඒ ඇය නොවන්නට , මා නමින් කෙනෙක් සිටියද, ඒ අද ඔබ දකින් හෝ කියවන, මම නොවන්නට තිබූ නිසා.

පැයක පමණ කාලයක් ගතවීමෙන් අනතුරුව ඇය පැමිණියා……

ඉතමත් ම ශෝභා සම්පන්න ඇය දුටුවිට මට දැණුනේ පෙර භවයක පටන් මා හා හිතවත්ව සිටි අයෙක් වන්නට ඇති කියා. ඇය පෙර දැනුම් දී තිබූ පරිදි මම ගුවන්තොටුපලේ මගී අංගනයේ රැඳී උන් නිසා ඇයට මා හඳුනා ගැනීම හෝ මා හට ඇය හඳුනා ගැනීම හෝ අපහසු කාරයයක් නොවුනා.

මා දුටු විගසම මා වෙත පැමිණි ඇය අසා සිටියේ ” දූ නිම්මි චාරිකා අරථනායකද??” කියා. මම කීවේ ඔව් කියා පමණකි. දෑතින් අල්ලාගෙන මගේ නළල සිඹ ” අපි දූ ව බ්‍රිස්ටල්වලට ආදරයෙන් පිළිගන්නවා.

දූලගෙ අප්පච්චී මට ලියමනකින් දූගේ පැමිණීම්ම ගැන කියූ මුල් දවසේම මම හරීම සතුටුවුණා. දූගේ ඔනා-එපා කම් කරදෙන්න ,මම පොරොන්දු වුණා.දැන් ඉතින් දූට බයවෙන්න දෙයක් නැහැ. අපි අද යමු අපේ ගෙදර ටික දවසින් යන්න පුලුවන් නවතින් තැනට. එන්න යමු.”

ඇගේ දයාබර හඬත් කාරුණික සිතත් මට කීවේ මා මෙහි තනිවී නැති බවක්.

පැය දෙකක පමණ දීර්ඝ ගමනකින් අනතුරුව ඇගේ නිවසට ලඟා වුණා.

පුංචි ගෙදරක්, ගේ වටේටම පුංචි පුංචි මල් ගස . ඒ මල් ගස් වල පාට පාට මල්. කහ පාට රොස පාට.ඒ මල් ජාතිය මම කවදාවත් ම ලංකාවෙදී දැකලා නැහැ.

”මල්ලිකා නැන්දා ”– ඇගේ නම මල්ලිකා මුදලිආරච්චී.

කුලී වාහනයෙන් මගේ බඩු සියල්ලා බිමින් තබා, ප්‍රධාන පිවිසුමේ සිට මා ඇගේ අතින් අල්ලගෙන බිමට අල්ලා තිබූ ලී මල්කම් කල පාර දිගේ ඇවිද ගියේ මට මා තනිවී නැති බව කියන්නට මෙනි. ප්‍රධාන පිවිසුම ආරුක්කු ආකාර මල් වැටක්. නිල් පාට මල් වැලක් ඒ මල් වැටේ එතෙමින් මල් පිපෙමින් තිබුනා. මල්කම් කළ ලී පාර දෙපස තණ කොල වවා තිබුනා. ඒ අතරින් පතර තැන තැන මල් පිපුණු පුංචි මල් පැළ නොතිබුනා නොවෙයි. මට සිතුණේ මම ස්වර්ගයට ඇවිද යන්නාක් සේ.

එදා සවස් වරුවම ආගිය වත ගොත කතා බහ කරමින්, මමත් මල්ලිකා නැන්දාත් මාමත් ඉතාමත් සුහදශීලීව ගතකලා.ඔවුන් ජීවිතයේ මා මුහුණදුන් කිසිඳු දුක්බර ශෝකය පිරි වෙන්වීම් පිළිබඳව වචනයක් හෝ අසන්නට නොඇත්තේ මා රිදවන්නට තරම් ඔවුන් ශක්තිමත් නොවූ නිසා වියයුතුයි. මාද කිසිවක් නොකියන්නට වග බලගත්තේ ඉතාමත්ම අපහසුවෙන් සුවපත් කරගත් මගේ සිත පාරා නොගතයුතු නිසා.

මා එහි ගොස් දින දෙකක් ගත්වන තුරු මමත් මල්ලිකා නැන්දාත් බ්‍රිස්ටල් වට යමින් කමින් බොමින් විනෝද වුනෙමු.

තෙවන දින,ලංකාවේදී මෙන් නැකැත් නොබලා , සුබ මොහොතක් නොසොයා මම මගේ අලුත් විශ්වවිද්‍යාලයට ගියේ මල්ලිකා නැන්දාගේ සුබ පැතුම් මැද.

මල්ලිකා නැන්දාගේ නිවස විශ්වවිද්‍යාලය ඉතාමත්ම ආසන්නයේ පිහිටි නිසා මම පයින්ම විශ්වවිද්‍යාල ගම්මානට යන්නට තීරණය කලා.

පාරදෙපසම නානා විධ මල් වර්ග වලින් පිරිලා තිබුනා. නිශ්ශබ්ද මිනිස්සු තමන්ගේ පාඩුවේ තම තමන්ගේ වැඩවල. පාර දෙපසම තිබුනේ එකම ආරයක පිරිසිදුකමක්. මේ රටේ මිනිසුන්ට පිරිසුදුකම ඉගැන්වූ ජගතා කවුරුන්ද කියන එක මට ඇත්තටම ප්‍රශ්නයක්.

සිතිවිලි දාමයක් එක්ක මමත් විශ්වවිද්‍යාල ගම්මානෙයේ ප්‍රධාන දොරටුව අසලටම ආවේ මටත් නොදැන………………………..

මා මෙහි එනට පෙරාතුව කතිකා කරගත් පරිදි මම දැන් ඉයන් පීටර්සන් සොයා යායුතු. ඔහු මෙහිදී මට හමුවන මාගේ ගුරු වන මහාචාර්යවරයා. විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුවේ සිට විද්‍යපීඨය දක්වා මා ගමන් ගත්තේ දොරටුවේ දී මට ලබාදුන් රෝද දෙකේ බයිසිකලයෙන් .
මගේ සිත පිරී තිබුනේ දහසක් ප්‍රශ්න වලින්.

ඔහු මහලු බව මා දැනසිට්යා , මට තිබූ ගැටලුව ඔහු මගේ පියාණන් වයසේ අයෙක්ද මාගේ ආතා වයසේ අයෙක්ද ??
ඔහු කරුණාබර අයෙක්ද ?? සැර පරුෂ අයෙක්ද ??  වේලාවට වැඩ කරන්නේද ?? නැත්තේද ??. ඉවස්ලිවත් වේද ?? නොවේද??
අවසානයේ……………. දූවරුන් ලත් අයෙක්ද ?? නොලත් අයෙක්ද ??

සිතිවිලි දාමයක බැඳී මා මගේ අරමුණු පීඨය බලා පැදගියා.

එක් වරම ජාන තාක්ෂණ පීඨය මා දුටුවෙන්, මීට පෙර කිසිදා සිතේ ඇති නොවූ බියකින් මා සිත පිරී ගියද ආත්මශක්තිය, තවත් වරක් මා ආරක්ෂා කරගත්තා.

බයිසිකලය බයිසිකල් අංගනයේ නවතා, ඉතාමත් දිග එහෙත් ආලොක්මත් කොරිඩෝවේ ඇවිද ගියේ, මහාචාර්යා ඉයන් පීටර්සන් සොයා.

ඔහුගේ කාර්යාලයේ දොරටුව අභියස ”මහාචාර්යය ඉයන් පීටර්සන්”නමින් දැන්වීම පුවරුවක් තිබුනා.

මම දැන් ඔහුගේ කාර්යාල ඉදිරිපිට …..