ඉමක් කොනක් නොපෙනෙන මේ භව කතරේ
දිය බිඳක් සොයා ඇවිද ගියේ නිසොල්මනේ
විටෙක මුලා වූවත් දැක මිරිඟු රුවේ
කෙම්බිම වෙත කැඳවූයේ ඔබයි පුතේ
ඔහේ ඇවිද ගිය පා යුග දෙක මැදට
ඔබේ සිඟිති පා පොඩි එක්වූ කලට
මැවූ රටා දෑඟිලි අල්ලා තදට
රැඳී තිබේ මා හද තුළ නොමැකෙන්ට
එහෙට මෙහෙට දුව පනිමින් නිබඳවම
උල්කරමින් සුරතල් මුව හරි හැඩට
කැකුළු වචන සිනහා මල් වරුසාව
ඇද හැලෙන්නෙ කැන්දවමින් සිරියාව
ආදර මල් කැකුළු නිබඳ පුබුදුවන
ලොවම එළිය කරනා බෝසත් පුතුට
මායාමවු වන්නට නැත පින්මහිම
ප්‍රජාපතිය වී සැනසෙමි මගෙ පුතුට
Written By : Sajini Vindula
Image Courtesy : https://bit.ly/31DasVh