සෙයිලමෙ සරදම් පද නැත නිමාවක්
සසරෙදි පෙර එකටම වුණු පමාවක්
මිනිසත් බව ලැබුවත් ඇත කොමාවක්
වරදක් නොකරම යදිනෙමු සමාවක්
රෑ සීතල වෙව්ලනකොට තනි නො දැනෙන්න
තුරුලු කරන් උණුහුම් සුව හැක සලසන්න
මදුරු මකුණො හැම කරදරයෙන් බේරන්න
අයියා ඉන්නවා මල්ලියෙ ලොවක් දිනන්න
නිදියගන්න සුව යහනක්
කුසට රසය පිරි අහරක්
බොන්නට පුන් දිය දොහොතක්
නැහැනෙ අපිට කිසි සැපයක්
පාසල් යන්නට බැරි වෙයි අකුරු කරන්ට
නොමිනිස් මිනිසුන් රොක් වෙයි වරදෙ බඳින්ට
පුංචි නුවණ විහිදුවලා ලොවම දකින්ට
සමාජය විසයි දරුවෙනි සුමඟෙ ඇදෙන්ට
Image Courtesy : https://bit.ly/2GVCFgG