සුභාවිත ගීතයට ඇමතුමක්

Share

classical music

සුභාවිත යනු ‘සු’ යහපත් ලෙස භාවිතා කොට ඇති බවයි.එනමුදු යහපත් යන්න වචනයේ පරිසාමප්ත අර්ථයෙන් අර්ථ නිරුපණය සාපෙක්ෂ බව කිව යුතුය.බහුජන මතය සනාථ කරනු වස් මම අතීතයට පියමං කොට ගීතය පිරික්සන්නෙමි. ප්‍රණාමය :- සුභාවිත සංගීත රුක්ෂය පෝෂණය කල අමිල මෙහෙවරක නිරත වු ගේය පද රචකයන්, සංගීතඥයින් සහ ගායකයන් වෙත
ලෝකයක් නිමැවු අසීමිත වු ස්නෙහයේ උල්පත ‘අම්මා’ පිලිබදව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියයි.ලෝකයේ තවත් බුදුන් කෙනෙක් ඇත්නම් ඒ ඔබයි,එවන් වු ලෝකයට පිදුම් ලද්දා වු උතුම් ලඳ ඔබයි,අම්මෙ.
“දෙවනි බුදුන් ලෙස ලොව මවුම් කල-ලොවට පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා..”
අම්මා ලෝකය එළිය කරන සඳක් නම් ඒ ලෝකයෙ හිරු, පියා බවට ටී. එම්. ජයරත්නයන් කියන්නෙ පිය සෙනෙහස වෙනුවෙන් බිහි වු නිර්මාණ කාව්යන් හි අඩුවක් සහ දුක්බර සිතුවිල්ලක් ප්රශ්නගත කරමිනි.
“අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී-ඒ ඉර හඳෙන් නුඹෙ ලොකය එළිය වුණි
රැකුමට පුතුන් දිවියෙ දුක් ගැහට විඳි-පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදි…..”

හුදී ජනයා සේම, පුද්ගලයා කුටුම්භයෙන් මිදී සමාජයේ කුළුදුල් ආදරය සොයයි.හෙලයේ මහා ගාන්ධර්වයාණො සුභාවිත සංගීතයට එක් කරයි.අනංගයාගේ ඊ තලය වැදුනු මගෙ හදවත සැලෙනවා, ඒ හදවතින් නැගෙන ගීත නදය ඔබට ඇහෙනවද,කදු හෙල් කපාගෙන පැමිණෙන චන්ද්රයාගේ කාන්තිය විලස සඳුන් මල් ඇතිරූ යහනට ඔබ වඩිනවා ද.
“මින්දද හී සර වැදි සැලෙන හද-නංවන දුක් ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට-කන්ද කපා පායන් රන් පුන්සඳ”

ආදරණීය ප්රේමවන්තයා, සිය ප්රේමවන්තිය ගැන ආඩම්බරයෙන් කථා කරයි.වික්ටර් රත්නායකයන්ගේ මියුරු ස්වරය හදවත් ආමන්ත්රණය කරයි.කුරුල්ලන් ගී ගයන්නේ ඔබේ ඔය හඬ ඔවුන්ට ලැබුනු නිසා,නෙළුම් මල් වලට මල් පිපෙන්න ඔබෙ දෙකොපුල් අවශ්යයි,මැණික් වලට දිස්නය ලැබි ඇත්තේ ඔබේ ඇස් වල කාන්තිය නිසා,නාදළු වලට පාට දුන්නෙ ඔබෙ තොල්පෙති.
“කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කට හඬ දෙන්න-නෙළුම් විලෙ මල් පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික් වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න-නාදල්ලට පාට දෙන්න ඔබෙ තොල්පෙති දෙන්න”

එච්. එම්. ජයවර්ධන සංගීතවේදියානන් හා එක් වු කුලරත්න ආරියවංශයන් ආදරයෙන් කියයි.සොඳුරිය සතු රන්වන් නෙත් යුගලයෙන් ඇසි පියලන විට ජීවිතයේ ඇති දුක සෝකය සිසිලසක් සේ ඇය නිවාලනු ඇත.
“රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්-ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්”

ලියන්නට නම් බෝහෝයි. ඉඩකඩ නම් සීමිත බැවින් අවසානය විසින් කල ඇරයුම පිලිගන්නම්. නිමාව හමු කල ගායන ශිල්පියණෝ,සෝමතිලක ජයමහ.පූර්ව කථා පටිපාටියක් අවශ්‍ය නොවන පණිවිඩයක් හා අත්වැල් බැඳගත් අවසානය.
“ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නැ-දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
ජීවිතයෙ හැමදාමත් සැප රැදෙන්නෙ නැ-සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බැ…….”

ඔබේ හද කැමති ගීතය නොතේරීම අප්‍රමාණ වු ගීත ගොන්නට කරන ලද අසාධාරණයක් ලෙස නොසලකනු මැන.සමාජ ජාලයන් ඔස්සේ ටීකාවන් සහ අගය කිරීම් කල සියලු දෙනාට මෙලෙස ස්තුතිය පලකරන්නේ ප්‍රති-උත්තර සැපයීමට මා එහි නොමැති බැවිනි.

ගයත් උදාර වීරසේකර
සුභාවිත සංගීතයෙන් සුවපත් වීමට භාග්‍ය ලද එක් අයෙකු පමණි….