දෙනෙතට උනපු කඳුළැලි
උහුලන්න බැරි තරමට
හිත හයිය කර ගත්තාට
දෙතනට උරපු කිරි කඳු
උහුලන්න නොහැකිව
ඉහිරුණා ළය පුරා
කඳුළු එය සේදුවා
දස වසක් පෙරුමන් පුරා
දස මසක් කුස දරා
දස පැයක් විළි රුදා
ඉතිරි කළේ කඳුළැලිය
මියෙන තුරු මා සදා
පුතු උපත ලද දිනේ
ලොව දිනූ මව් ලෙසේ
හඬ නගා සිනාසුණේ
විළි රුදා නැති ලෙසේ
මාරයා නොවේද එසඳේ
මදෙස බලමින් සිනාසූයේ
මවක් නොව්වද ගැබක් දැරුවේ
ඔබ නිසයි මා
උපන් ගෙයි මළ පුතේ….
Written by Iresha Welikanna
Image Courtesy: https://bit.ly/2K3iIrM