සෞම්‍ය ය සිහිලැල් ය
කියති සමහරු
පෙම් කළෙමි කලෙක මා ද
ඒ සුමුදු සඳවතට
පුන් සඳ ද එලෙසින් ම
දොවා මා ළා රැසින්
රජත වූ ලොව තුළ
තනි වුණා මා සමඟ
දිනෙන් දින බිඳෙන් බිඳ
මියැදිලා මිලිනව
හැර ගියා ඉතිරි කර
කළු අමාවක අහස මට
කෙසේ සුන්දර වන්න ද සඳ එළිය
පතුරන විට
සොරකම් කළ හිරු කිරණ
පියකරු ද ඇය
වලා හෙළන කඳුළු බිඳු දිදුලවන
පුන් සඳට වසඟ වන
චණ්ඩ වූ උදම් රළ
අමාවක දා මංමුළා කරනට
ඇය අහිංසක ද
නොවැටහේ ඇය
සැබවින් ම සෞම්‍ය ද
නිශා යම තනි වූ සිතකට
සුදු කුසුම් පුබුදුවන විට…
Written By Nipuni Wanniarachchi
Image Courtesy : https://cutt.ly/Fpvtig4