ප්‍රමිලා :
සඳ දිය වැටුණු මේ සක්මන් මළුව පුරා
අසම්මත මලක රොන් සුණු ගන්න සරා
ගෙල සිඳ අපේ ප්‍රේමය දැමුවත් උදුරා
තවමත් නුඹට පෙම් බදිනා මම ප්‍රමිලා……….
ප්‍රේමය ගැලූ කවි පද යයි සවන පුරා
උනයි කදුළු කොපුල් තලාවම උතුරා
හෙට දින ගියෝතින් මාගේ හද පුපුරා
මතු භවයෙවත් දස්කොන් මගෙ වෙද ඉදුරා…….
දස්කොන් :
දුර සිට විඳපු සීතාවන් මනහාර
දසිස් රාවණා සිදලපු කඩු පහර
ගත සිත පුරා නුඹෙ ප්‍රේමය වින්දාට
කුමකට බිය වෙමිද එක හිස සින්දාට…………
කී කවි ගියත් හද දවමින් සවන් පුරා
කවි පද කදුළුවල බොඳ කර හරිනු එපා
දුක උතුරමින් හදවත ගිය මුත් පුපුරා
දස්කොන් නමට දුන් ප්‍රේමය නසනු එපා………..
Image Courtesy : https://bit.ly/4cVeieD