ගීතයක සැගවුනු අරුත..

Share

රන් බණ්ඩා සෙනෙවිරත්න ශූරින් රජරට පිටිසර ගම්මානයක සිටි ගැමියෙකුගේ පෑන් තුඩින් ලියවෙන දවසක් පැල නැති හේනේ ගීතයේ ගැබ්ව ඇති අර්ථය සිතට හැගුණු පරිදි මෙලෙසින් සටහන් කරමි.

එක්තරා දෘෂ්ටි කෝණයකින් ගත් කල නැන්දම්මා හා ලේලිය අතර සිදු වූ සටනකි. තවත් පසකින් පුතුගේ දුක් ගැනවිල්ලකි.

දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා

තුරුලේ හංගා ගෙන මා ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටිපියවර හිටියා ඔබ අම්මේ..

දවසක් පැල නැති හේන නමින් ගීත රචකයා අදහස් කරන්නේ පියකු නැති ගෙපැලකි. එකල නුවර කලාවියට ඇද හැලුනු වර්ෂාව නොහොත් දුප්පත්කම නැමති මහ වැස්ස රජ වූ කාලයකි.

මේ සියලු දුක් ගැහෙට විද දරාගෙන තම පුතුව උසස් තලයකට ගෙන එන්නට අම්මා දරණ වෑයම මෙම ගීතය පෝෂණය කිරීමෙහිලා තවත් එක් පද ගැලපුමකි.

කෙසේ හෝ නිසි කල වයස පැමිණීමෙන් පසු උගත් පුතු විවාහ දිවියට එලඹීමත් සමඟ ඔවුන්ගේ විවාහ දිවිය ඔටුන්නක් බවට පත් වන්නේ ඕනෑම පිරිමියෙකුගේ සාර්ථකත්වයේ පදනම බිරිඳ නිසාමවෙනි.

කාලයත් සමඟ තම බිරිඳගේ අයථා සබඳතාවක් ඇති බව හෙලි වීම ම මෙම ගීතය නිර්මාණයේ මූල බීජය වන්නට ඇත.

බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ 

යන පද පෙළ රන් බණ්ඩා ශූරින්ගේ සිතෙහි උත්පාදනය වූ පළමු පද පෙල කිවහොත් මා නිවැරදියි.

ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ

මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවා ද අම්මේ

මෙතෙකුත් බාධක රැසක් නිසාවෙන් ජීවන මගෙහි මං පෙත් විවර නොවුනත් තම නිලතල, තනතුරු නැමැති ඔටුන්න පසෙකලා ඒ වන විටත් ජීවතුන් අතර නොමැති අම්මා වෙත දිව යන්නට ඔහුට සිත් පහල වුවද අම්මා දෙස නෙත් යොමා බලා සිටීමම ඔහුට දිව්‍ය සැපතකි.

ගායනය – විශාරද ගුණදාස කපුගේ

පද රචනය – අධි නීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න

 

 
Tagged :