දේදුන්න සේදි ගිය අයුරු

Share

 

සදාදරණීය ප්‍රේමවන්තයා කුරිරු වු ආදරයේ පිටුපෑමට හසු වු අවස්ථා අප්‍රමාණ වේ. සමාජය ඒ දෙස නෙතු නොපියා බලන් සිටිය ද බහුතරය නිර්මාණකරණයට පිවිසීම දුලභ නොවේ. විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ එකී පිටුපෑම සනාථ කරනු වස්  “දේදුන්න සේදි” ගීතය රූපරචනයට භාජනය වෙයි. මෙය බුද්ධිමය දේපළ උල්ලංඝනය වීමක් නොවන අතර කොලඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයට සපැමිණි නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් නිර්මණය වූ සැමරුමක් ලෙස නවකයින් රංගනයෙන් දායක වේ.

එබැවින් තුති මල් – භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, ආශා බොස්ලි, විශාරද ශ්‍රි ශ්‍යාමලන්ගන් සහ නිලාර් එන්. කසීම් යන කලාකරුවන් වෙත

පාසල් ප්‍රේමය දලු ලා වැඩෙද්දි උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. ඇය විශ්වවිද්‍යාල වරම් හිමි කර ගන්නා මුත් ඔහු ඒ භාග්‍ය උදා කර ගන්නේ නැත. ඇය සමත් වූ සතුට ද කදුළු පිරි දෙනෙත ද රැගත් ප්‍රේමවන්තයා ඇය ව විශ්වවිද්‍යාලය කරා ගෙන එයි. ඇය මලක් සේ රැක ගනිමින් පසුපස සිටි. ඔවුනොවුන් නිතර මෙනෙහි කරන්නේ ආදර කථාවේ රස බර පිටු ය. ඇය කෙරෙහි ආශා මූල සිතක් හිමි එක් විශ්වවිද්‍යාල සිසුවෙක් නොදැනුවත් ම ඇයට සමීප වෙයි. විශ්වවිද්‍යාල ජීවිතය කාලය සමග ඉදිරියට ගියේ පාසල් ප්‍රේමයේ මතකයන් අමතක කරවමිනි. අවාසනවන්ත එක් දිනක් පැරණි ප්‍රේමවන්තයාට විරහ ව උරුම කර දෙමින් ඇය ව නෙත් ගැටෙයි. සුපුරුදු නිමාව සනිටුහන් වන්නේ නොදැනී ම ඇයගේ විවාහ ආරාධනා පත්‍රය ඔහුගේ දෑත් මත කදුළින් තෙත් වන විට ය. එය උපමා වන්නේ නෙතු දෑල දේදුන්නක් නම් කදුළු උතුරා දෙනෙතින් වැස්සක් මෙන් කඩා හැලීමට ය.(දේදුන්න සේදි වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා… )

මෙය සුලභ සිදුවීමක් වන අතර විශ්වවිද්‍යාල ජීවිතය හා සබැඳි ව ගෙනහැර දැක්වීමට අප විසින් කරන ලද සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයකි.

විශේෂ ස්තූතිය – ITSC කාර්ය මණ්ඩලය වෙත

රංගනය – මුදිත් ඒකනායක, පියුමි ලියනපතිරණ, රුසිරු ගම්භීර
කැමරාකරණය සහ සංස්කරණය – ගයාන් අක්මීමන
මේ සඳහා නන් අයුරින් සහභාගී වූ සියලු දෙනාට ද මෙලෙස ස්තූතිය පිරිනමමි.
සංකල්පය, රූපරචනය සහ අධ්‍යක්ෂණය – ගයත් උදාර වීරසේකර