හීන

Share

පාට ගළපා
අකුරු අමුණා
කාලයක් තිස්සේ තැනූ
හීන සමහර
නොසිතු විලසම
කාලයට පැරදුම් ලැබූ
නැවත ලියමි
අකුරු ගැන්න ද
පෙරවදන නැති හමුවුණු
කෙලෙස අදහම්ද මම
හීන යළි ලැබුවෙම
නොසිතු තැන්වල
නොසිතු විලසිනි
කිසිම දිනයක ලැබෙති ‘යි
සිත නොම පැතූ !!

Image courtesy ; https://bit.ly/3hmtEfA

 
Tagged : /