සොඳුරු බැඳීමක වසරක මතකය.

Share

සොඳුරු බැඳීමක වසරක මතකය.

මීට හරියටම වසරකට පෙර මේ බ්ලොග් පිටුව ආරම්භ වෙන්නෙ හිරාණ් ජයවීර සර්ගෙ අදහසක් විදිහට. ලේඛන කලාවට ආදරය කරන සියලුම දෙනාට ලබාදුන් තෑග්ගක්. විද්‍යාව ප්‍රචලිත කිරීමට දරන ලද උත්සහයක්. ඒ අදහස වෙනුවෙන් හිරාන් සර්ට ස්තූති කිරීම අපගේ යුතුකමක් සහ වගකිමක්. ඔබට ස්තුතී සර්.

සිහින දකින පමණට ඒ සිහින සැබෑ වෙනවානම් එය මහා පුදුමයක්. ඒ වෙනුවෙන් කැපවීමත් ඒ වෙනුවෙන් වෙහෙසීමත් නැතුවම බැරිදෙයක්. මේ වෙබ් පිටුවේ වගකීම භරගැනීමත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමත් විශාල වගකීමක්. ඒ වගකීම භාර ගත්තෙ අපේ මුදිත සර්. අපට යෝධ ශක්තියක් වන්නේ මුදිත සර්, නිපුන සර් ඇතුලු  ITSC   කාර්යය මණ්ඩලය. ඒ සියලුම දෙනාට දස දහස් වතාවක් ස්තූතී.

මිනිසෙක් වෙනුවෙන් මිනිසෙක් ඉදිරිපත් නොවන මහා පුදුමාකාර ලෝකයක අපි වෙනුවෙන් සිටි තවත් කෙනෙක් අපේ පුබුදු අයියා .පුදුම චරිතයක්.කැපවීමෙන් වැඩ කරන කෙනෙක් අපිට ආදර්ශයක් . ශක්තියක්. මුදිත සර් වගේම කෙනෙක්. ඔබටත් පින්.

ඒ වගේම තමයි ගසිත් අයියා නිහඬ කෙනෙක්. නමුත් ගැඹුරු චරිතයක්. අපිට ශක්තියක්. ඒ වගේම කෙනෙක් තමයි ශේන්යා අක්කත්. අමතක කරන්න අපහසුයි යසස් අයියවත්. ඔබ තිදෙනාටම ස්තූතී.

අපේ දයාබර තෙවෙනි වසර .

ජනිත් අයිය තවත් චරිතයක්. නිතරම සිනහ වෙලා ඉන්න කෙනෙක්. හිතන්න අමාරුයි කිසිම දේකදි නපුරුවෙන කෙනෙක් කියල . සොඳුරු චරිතයක්. අපේම කෙනෙක්.

නාන අයිය ගැන කියන්න දේවල් ගොඩයි. පුදුමාකාර චරිතයක්. ලොවෙන් කෙනෙක් එක් දෙයකට වේ සමත කියන එක බොරු කරපු කෙනෙක්,සතුටින් ඉන්න කෙනෙක්,දුර දකින කෙනෙක්, බ්ලොග් එකේ කොටසක්, අපේම කෙනෙක්, අමතක නොවන කෙනෙක්.

ස්තූති ඔබ දෙපලටත්

අනුපමා. (මල් හිනා ) බ්ලොග් පිටුවට මලක් වගේ සිරියාවන්ත කෙනෙක් අපේ පළමු සාමාජිකාව. ඒ වගේම දක්ෂ කවිකාරියක්.
චාරුනී. නිහතමානී කෙනෙක්. කරුණාවන්ත හදවතක්.
රෙහානී  සැබැවින්ම සොඳුරු කවියක්.
සචිත නිහඬ අයෙක්.
ඉෂාරා දක්ෂයෙක්.
ගීත් ගැඹුරු  අරුත්බර කවියක්.
උපේඛ අපේ කෙනෙක්.
ඩිලානි නිහඬ එහෙත් දක්ෂයෙක්. ශක්තිමත් කෙනෙක්.
දිලිනි අලුත් කෙනෙක්.
ජීවන්ත මගේම මල්ලි කෙනෙක්.
විභෝද සහ ශාලින්ද තවත් දෙදෙනෙක්.
අමිල නිහඬ තරුවක්.
ගයත්  ඔබද කිසිදා අමතක නොවේවී                                                                      
හෙශාන් තවත් කවියෙකි                                                                                               උදාරි ඔබ නම් මගේම  සහෝදරියකි
අවසානයේ මම …………….

මේ මගේම අය. දිනක මම මියයාවි. නමුත් ඔබ සියල්ලෝම මරණින් මතුත් මගේ මතකයී ඉඳීවී.
විද්‍යාව  වෙනුවෙන් අපි සියලුම දෙනා එකව යමක් කළ වග සදා මතයේ තියේවී. මගේ ව්ශ්ව විද්‍යාලයට යමක් කළ බව මිය යද්දීත් සිහියට ඒවි . එතෙක් මම ද ඔබගේම අයෙක් වී හිඳිමි.

සිහින මැදුරු දෙනෙත් අභියස සුනු විසුනු වූ කාලක මගේ සිතිවිලි වලට සවන් දුන්නේ මේ සදාදර බ්ලොග් පිටුව බව සහතිකයි. එයට ඔබට පින්. කාටත් නොකියාම මගේ දුක අසා සිටියේද බ්ලොග් පිටුවයි. මා ලියන්නටත් කියවන්නටත් ,සිතන්නටත් යොමු කලෙ ඔබයි. නැවත ජීවිතය දෙස බලන මට සැනසුමද ඔබයි.

කීවත් නොකීවත් මේ බැඳීම පුදුමාකාරයි. එහෙත්, එය සදාකාලිකද නොවේද යන්න අපේ වගකීමයි. අපි අපිට ගරු කරන තුරු මේ බැඳීම් පවතීවී. එය ම අපගේ ජයග්‍රහනය වේවී. මනූශා, චරිත්  ආදර පළමු වසර, ඒ බැඳීම් පවත්වා ගනීවි. දිනක මගේ දරු මුණුපුරන්ද, අපි ලියූ දේ කියවාවි. එනම් මේ බ්ලොග් පිටුව සැමදා පවතීවි.

අවසානයට පෙර ,

නැවත් වතාවක් හිරාන් සර් ඔබටත් මුදිත සර් ඔබටත් ස්තුතියි. මන්දයත් කියවීමත් ලිවීමත්, වෙනුවෙන් අප සම්ඟ උන් නිසාවෙන් සහ ඉදිරියටත් සිටින නිසාවෙන්.

මගේ ආදර බ්ලොග් පිටුව ඔබට සදා ජය. මගේ සිහින ඉටුවන්නට පතනේ යම් අයුරින්ද, ඔබ හැමගේම සිහිනද ඉටුවන්නට පතමි. ඒ ඔබගේ සතුට මගේ ද වන නිසාවෙනි.:)

දයාබර FOS bloggerවරුනි ඔබ සැමට සුභ උපන් දිනයක්!!!!