පිපුණු මලකට හිතුණෙ නෑ පරවෙන්න කවදාකත්
උස ම අත්තක ඉඳන් හිනැහුණෙ ඔච්චමට හැමදාමත්
යට ම ඉඳගෙන බලා ඉන්නා පොළෝ අග පස් ගාවත්
උස ම මලකට රැඳුණි ප්‍රේමය සැවොම සරදම් පෑවත්
හයිය අත්තක රැඳුණු මලකට කුමක් නම් අඩුපාඩු
යොදුන් ගණනක බිඟුන් සෙව්වේ මල් රේණු පැණි බිංදු
මැණික් සේ දිලිසෙන්න පිනි කැට එක් කළා කුරුලු ගී සින්දු
නිකන්වත් මල බැලුවෙ නෑ කළු පොළොව දූවිලි රැන්ඳු
දරා ඉන්නට බැරි ව කාලය සුළඟ අවසර ඉල්ලා
නේක වර්ණෙන් පිරුණු මල් පෙති එකින් එක පුස් අල්ලා
බිඟුගේ තොල් අග දැවටි පැණි බිඳු රේණු අතරින් හින්දා
මලට වෙනවා දාලා යන්නට රැකපු නටුවත් හැරදා
දිනෙන් දින පරවෙලා යනකොට අත්ත යන්න ම කියනවා
ලස්සනට ඔබ්බලා දිලිසුණු පෙත්තෙ පිණි බිඳු හිඳෙනවා
වටේ කැරකුණු බඹරු එක්කලා අලුත් මල් ඉඟි පානවා
එදා වාගෙම පොළෝ අග පස් නොවෙනස් ව මඟ බලනවා
Written by: Kaveesha Gimhani
Image Courtesy: Author