ජය සතුට නොඅඩුව ලැබේවා

Share

පහන් සිළු දැල්විලා හැම හද

නැවුම් එළියෙන් පිරේවා

අඳුර දුරලා අලුත් ගමනකට

නවමු මංපෙත් විවර වේවා

 

කොවුල් නද මෙන් මිහිරි වදනක්

සෑමදා සවනත රැඳේවා

පලින් බරවූ වසන්තයෙ අසිරි

මෙන් දසුන් මේ නෙත ගැටේවා

 

සිතේ ඇති අමනාපකම් සැම

මැකීලා පෙම ඉතිර යත්වා

අවුල් වියවුල් පිරුණු ජීවිත

සැමට සහනය ලඟා වේවා

 

බතින් බුලතින් සාරවත් වන

සතුටු දිවියක් උරුම වේවා

මේ ලැබූ නව වසරෙ සැම හට

ජය සතුට නොඅඩුව ලැබේවා

 

Image Courtesy : http://www.dailymirror.lk

 
Tagged : /