පැතිරි දිය කඳ නගා දෙපසට පෙරට ඇදෙනා සීරුවේ
වැතිරි සිතිවිලි මගේ තනියට නැවතුණා මේ පාරුවේ
නොතිරි වෙහෙසින් මුව අයා ගෙන කොඳුරනා දුක වාරුවේ
ඉතිරි විසිරුණු මනස සනසා වඩිනු මැන හිමි පේරුවේ
මද්දහනේ ගිනියම වැව් දිය සිඹිනා
සුළං රොදත් සඟවා සරදම් කරනා
එතෙර මෙතෙර රැලි රැලි බිඳි බිඳි දිවෙනා
පහුර මගේ පින්කෙත හිමි වෙත පිදෙනා
වැවේ කැළඹුණු දිය ගොබේ තෙත පපුව සෝදා ගෙන ගියේ
භවේ පැටලුණු දෝස දුක් කඳ රළුව සොය සොය වැව් දියේ
නොවේ රිදුමන් ගත දරා හිත හැඬුම් දෙන තුන් තිස් පැයේ
අඳුර දුරලන මැටි පහනෙ සුව පසක් විය නිදි නැති රැයේ
සුදු රුපියල් සරි කරන්න දස වෙහෙස
මන්දිර නැත ඉදි කළ ලොකු උස අහස
රිදුම් නොමැති සැනසිල්ලක රස රහස
කසාවතින් අවසර බුදුනගෙ උවැස
Image Courtesy :- https://pbs.twimg.com/media/D12mX74WkAAuRs5.jpg