ප්‍රමිලාව මම වෙමි…

Share

මනලොල් වැඩූ නුඹෙ රුව සක්මන් මළුවේ

දුටු විට ආල බැල්මෙන් සිත ගොළු වූයේ

යටපත් නොකළ හැඟුමින් අඩවන් සළුවේ

කවුරුද රහස් පිළිමයෙ සලකුණු නෙලුවේ

රාජ සැප දිය නොහැකි බැව් දැන

හිටි නමුත් මා හද පෙමින්

බැඳුණෙ ඔබ වෙත මක් නිසා දැයි

තව ම මා හද කුතුහලෙන්

රජුට අන්ත:පුරයෙ බිසොවුන්

හිටි නමුත් පොදි බැඳලමින්

ඔබ හදේ පිපි එක ම මල මම

වෙමි’යි දන්නෙමි මා සොඳින්…

මනලොල් වැඩූ නුඹෙ රුව සක්මන් මළුවේ

දුටු විට ආල බැල්මෙන් සිත ගොළු වූයේ

යටපත් නොකළ හැඟුමින් අඩවන් සළුවේ

කවුරුද රහස් පිළිමයෙ සලකුණු නෙලුවේ…

සදාකාලික ළඟින් ඉන්නට

ඔබ නොහැ

කී නේද දස්කොන්

ආලයට දිවි පරදු කළ ඔබ

නැවත හමුවෙනු කෝම මේ මං

සැමට තහනම් අසම්මත පෙම

ලොවට වටහාගනු නොහැකි නම්

මතු සසරෙ හමු වන තුරා අපි

පාරමී දම් පුරමු දස්කොන්…

Image Courtesy : https://shorturl.at/p1a05 (AI generated image)

 
Tagged : / /