කිරිගරුඬ ටජ් මහල
සඳ එළියෙ දිලෙන කල
සතුටින් ද මුම්ටාස්
සාජහන් හිමි වුව ද
එකට විත් හැම සසර
නික්ම ගිය කල අතැර
සතුට රැඳුණි ද හදේ
උතුම් රාහුල මව්ට
නෑසියන් හැර දමා
දිනා ගත් මුත් විජය
ලැබුණි නම් සොම්නසක්
යකිණි වෙද කුවේණිය
සෙනෙහෙ පිළිරුවක ලෙස
කියූ රාමා ලද ද
අග්නි ජාලා අතර
හිනැහුණි ද සීතාව
ඉතින් සොඳුරු ද කෙසේ
හිමි වීම සිතු සේම…
වයන් නුඹෙ වස්දඬුව
ක්‍රිෂ්ණ නුඹ සුමියුරු ව
අසා සැනසී හිඳිමි
යමුනාව අසල හිඳ
සතුට, හිමි වෙන තැන ද
නොවැටහේ හරි ලෙසට
හිමි නැතත් අහිමි නැත
මා නුඹේ රාධාව…
Image courtesy: https://bit.ly/3kkJlVd