සාවඥ නිශාචර ව්‍යාධියෙකි මා
කාසි නම් වූ ඊනියාවට තැලුණු පොඩිවුණු
වෛතාලයක් නොපතන අඳුර ප්‍රියවන
අතුල්‍යයය මෙරමා හට මා
චපල වූ කාලක්ෂේප ව්‍රතයක වසන
මුග්ධත්වයේ විශාරදයෙකි මම
සන්නද්ධ වෙමි දළ සොවින් තුගු
අවජාතකයෙකි නිර්දෝෂී සාවද්‍ය
නොමැත පිළිමල් නොමැත සගයෙකු
සුවච වෙමි මම හේලි දහමට…
සැඟව තිමිරෙහි සජ්ජිත වූ නුවර තනිකම
සුනඛ සුහදෙකි භග්න කරවන
සමග කල්බඳ පවුරෙ රඟදෙන…
කුලීන වා අකුණු ගරජනාවන් ගෙන්
ලව දෙව නොමැතිව උච්චාරිත
නොමැත මාහට චිත්ත සන්තාපය
හෙයින් විනිර්මුක්ත බැවින් මමත්වයෙන්…
නුබ සියනින් ඇවිරිලි ලත් නුවර නම් ආගාරයේ
නිවැසියයි මා දුස්සාධ්‍ය වූ මන් දරන
චූදිතයාය මා සමාජාධිකරණයෙහි
නගරය නම් වූ සිපිරි ගැලියෙහි
සමාධිගත වෙමි නිකසල වූ දරිද්‍රතාවයෙන්
යදිමි පාරණයක් නොමැතිව ආඝාතයක්
පිනට නොව හිමිකමට,
අනුව මනුධර්මයට
තමි වැටුපක් නොවන මුදලක්
මිනිස්කම කළු නිකට සමවන්.
Image Courtesy :
Cover Image – https://shorturl.at/MC2bm
Written by : Vinudi Gayathma