රාජ ගින්න

Share

ඒ හිත කොච්චරනම් බයකින් ද, කලබලයකින් ද, නොඉවසිල්ලකින් ද,

පුදුමත් හිතුණා !

 

පබළු නොවෙයි රන් මිණි මුතු ගත          ඇතිරූ

කිරුළු කොබෙයි අත පණිවිඩ ගෙන        මැතිරූ

බැබළු ගිරෙයි බැස යන හිරු පස             මිතුරූ

සෙබළු කිමෙයි, රජෙකුට රකිනට            මැඳුරූ

 

දෙවිවරුන් වැඩමවා ඇප වෙලා         නිතියෙන්

ඇදුරිඳුන් පුද පුදා වඳින සරු              බැතියෙන්

පිළිවතුන් පුර පුරා කැප උනත්           හැතියෙන්

තෙජ රජුන් හඬනවා මිදුණු කල          සතියෙන්

 

සඳුන් විලඳ නහවා නිති සරසන මුව                   මඬල

යොදුන් සියකි අවුරා රැවුලෙහි පමණට               අඟල

නඳුන් උයනෙ සතපා පහසෙහි මිරිවැඩි                සඟල

මුදුන් රැයෙහි කෙඳිරුවෙ කිම, සිහිනෙක බිය       රඟ’ල

 

ඇතුන් සත් සියයකුත් අසුන් මහ           සේනා

දෙතුන් දොහකට වරක් හිමෙන් මෙහි   ගේනා

සතුන් මහ පිරිවරක් වට කරන්              පේනා

කතුන් ළඟ කලබලයි රජුගෙ උල         ලේනා

 

මඟුල් කඩුවෙ උණුහුම සුරතෙහි ම      දොවා

තෙපුල් දෙඩුවෙ ලවනත පැන් මිහිර     පොවා

ඇතුල් මඩුවෙ සැක අය දඬු කඳෙහි       හොවා

කොපුල් හැඬුවෙ කිම දෑඟිලි මුවෙහි       රුවා

 

 

Image link:  https://bit.ly/3HfILWK

 

 
Tagged : / /