ලොවක් පෙරලූ වමත් පිතිකරු…

Share

ලොව හොඳම පිතිකරු කවුද කියා ඔයාලගෙන් ඇහුවොත් කිසිම විවාදයක් නැතුව කියන්නේ කුමාර් සංගක්කාර යන නමයි… ඇත්තෙන්ම ඔහුගේ සහභාගිත්වයක් නැතුව අපි තරඟ කරන තරඟයක් ගැන හිතන්න අමාරුයි… එතරමටම සංගක්කාර එහෙමත් නැත්තම් සංගා අපේ හදවත් වලට සමීප වී හමාරයි… මං අද කියන්න යන්නේ ඔයාල ආදරේ කරන සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ගැන ඔබ දත් මෙන්ම නොදත් දේවල් ටිකක්….

1977 වසරේ ඔක්තෝම්බර් 27 වෙනි දින මාතලේදී කුමාරි සුරංගනා මැතිනියට හට සහ ස්වර්ණකුමාර සංගක්කාර මහතාහට දාව කුමාර් චෝක්සහනද සංගක්කාර උපත ලැබුවේ හතර දෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්සා ලෙසටයි. ඔහුට සාරංගා සහ තුෂාරි යනුවෙන් වැඩිමල් සහෝදරියන් දෙන්නෙක්ද වෙමින්ද්‍ර යනුවෙන් වැඩිමල් සහෝදරියක්ද ඉන්නවා. මුලික අධ්‍යාපනය මහනුවර පතල විදුහලක් වන ත්‍රිත්ව විද්‍යාලයෙන් ලැබූ සංගක්කාර තමන්ගේ පාසල් ජීවිතයේදී ක්‍රිකට් වලට අමතරව පිහිනුම් ක්‍රීඩාව, බැට්මින්ටන්, ටෙනිස් සහ ටේබල් ටෙනිස් ක්‍රීඩා වලටද දක්ෂතා දැක්වූවා… බැට්මින්ටන් සහ ටෙනිස් ක්‍රීඩාවන් වලට ජාතික වර්ණ දිනා ගැනීමටද ඔහු සමත් වුනේ ඔහුගේ දක්ෂතාවයන් මොනවට ඔප්පු කරමිනි….ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිතුමා සංගක්කාරගේ මවට පැවසුයේ සංගක්කාරව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන ලෙසටයි. ඒ අනුව අවුරුදු 13න් පහල කණ්ඩායමට කුඩා සංගක්කාර ඇතුලත් වුයේ උපනන්ද ජයසුන්දර පුහුණුකරු යටතේය… ඉන් අනතුරුව සංගක්කාර බර්ටි විජේසිංහ මහතා යටතේ අවුරුදු 15න් පහල 17න් පහල 19න් පහල සහ විද්‍යාලිය 11 දෙනාගේ කණ්ඩායමටද ඇතුලත් වුනා. ත්‍රිත්ව විද්‍යාලයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි “Trinity Lion ” සම්මානය දිනා ගැනීමට තරම් සංගක්කාර දක්ෂ වුණා. එයට හේතු වුනේ 1996 වසරේදී ඔහුගේ පිතිකරණ සහ කඩුළු රැකීමේ විශේෂිත දක්ෂතා නිසාවෙනි. මුත්තයියා මුරලිදරන්ගේ පුහුණුකරුවා වූ සුනිල් ප්‍රනාන්දු මහතාද සංගක්කාරගේ පුහුණුකරුවෙකු බවට පත් වුනා. කොහොමෙන් කොහොමහරි දක්ෂතා අතර සිටි සංගක්කාර 1998-1999 වාරයේදී ශ්‍රී ලංකා A පිලට තේරී දකුණු අප්‍රිකා සංචාරයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 156 ක් නොදැවී ලබා ගනිමින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට සමත් වුනා…

සංගක්කාරගේ පාසල් දිවිය හරිම සුවිශේෂයි. ඔහු පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බවටත් පත් වුනා. පාසල් ශිෂයෙකු ලෙස සංගා දැක්වූ තුන් ඉරියව් දක්ෂතා නිසා “The Ryde Gold Medal” සම්මානයෙන්ද සංගක්කාර පිදුම් ලැබුවා. 1996 වසරේදී උසස් පෙළ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරු ඔහු තම පිය අඩි පාරේ යමින් නිතිඥයෙකු වීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත් වූ නමුත් ඔහුගේ නීතිවේදී උපාධිය සම්පුර්ණ කරගැනීමට නොහැකි වුයේ ඔහුට ලැබී තිබු ක්‍රිකට් සංචාර හේතුවෙනි.ඔයාල දන්නවද සංගක්කාර දක්ෂ වයලින වාදකයෙකු බව?

www.facebook.com
www.facebook.com

සංගක්කාරගේ පළමු ජාත්‍යන්තර තරඟය වුයේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග 2000 වසරේ ජූලි මස 20 දින ගාල්ලේදී පැවැත්වූ ටෙස්ට් තරගයයි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් ඔහු තෙවෙනි කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව පැමිණ ලකුණු 23ක් ලබාගත්තත් දඟ පන්දු යවන නිකි බෝයේ විසින් එවන ලද පන්දුව කඩුල්ල මුවා කිරීමේ වරදට අසූ වීමෙන් දැවී යාමට සිදු වුනා.නමුත් ලංකා පිල එම තරගය ජය ගත්තා.

www.espncricinfo.com/
www.espncricinfo.com/

සිංගර් තුන්කොන් තරඟාවලියේ දෙවෙනි තරඟයේදී තරඟයේ වීරයා වෙමින් ඔහුගේ ක්‍රීඩා දිවියට පදනම දමා ගැනීමට සමත් වුනා. ඔහු ලකුණු 85ක් ලබා ගත්තේ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සතේකටවත් මායිම් නොකරමිනි. ඔහු දර්ශනීය 4 පහරවල් 11කින් තම ඉනිම වර්ණවත් කරගත්තා.

www.espncricinfo.com/
www.espncricinfo.com/

එම තරඟාවලියේ ප්‍රථම තරඟය සංගක්කාරගේ මංගල එක් දින තරඟය වුනා. පහත ලකුණු සටහනෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පිලේ ලකුණු ලබා ගැනීමයි…

www.espncricinfo.com/
www.espncricinfo.com/

 

www.espncricinfo.com/
www.espncricinfo.com/

එම තරඟාවලිය සංගක්කාර නිමා කලේ ලකුණු 199ක් ලබාගෙන සාමන්‍යය 66.33ක් ලෙස පවත්වා ගනිමිනි. ඔහුගේ මංගල ටෙස්ට් ශතකය අභිමුවට පැමිණියද ඔහුට ලකුණු 90-100 සීමාව අතර නතර වීමට සිදු විය. ඔහු එසේ කලේ 2001 අගෝස්තු මස දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම් වලට එරෙහිවයි. දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සංගක්කාර අතර පුදුමාකාර බැදීමක් පවතිනවා. ඔයාලටත් දැනගන්න කැමති නේද ? මං ලිපිය අවසානයේ අනිවාර්යයෙන්ම පවසන්නම්. 😀 😀

ලොව ටෙස්ට් ද්විත්ව ශතකලාභීන් අතර දෙවෙනි තැන සිටින සංගක්කාර සිය ලකුණු පිපාසාව සංසිදුවා ගැනීම පටන් ගත්තේ 2002 වසරේදී පකිස්ථානයට එරෙහිව සිය මංගල ද්විත්ව ශතකය ලබා ගනිමිනි. පකිස්ථානයේ ලාහෝර් නුවරදී ගඩාෆි පිටියේ පැවතී එම තරඟයේදී අබ්දුල් රසාක්, මොහොමඩ් සාමි, ෂොයිබ් අක්තාර්,වකාර් යුනිස් වැනි දක්ෂ පන්දු යවන්නන් හමුවේ තම පිත්ත හසුරවමින් ලකුණු 230ක් ලබා ගත්තේ පන්දු 327ක් ඇතුලත දර්ශනීය 4 පහරවල් 33ක් සහ 6 පහරවල් 3ක් සමගිනි. එම ලකුණු සටහන ඔයාලට බලන්න ආස ඇති නේද ? මෙන්න බලන්න…

www.espncricinfo.com/
www.espncricinfo.com/

දැන් ඔයාලට කුතුහලයක් ඇති ඒ තරඟය මොකද උනේ බලන්න 😀 මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්…

2003 වසරේදී සංගක්කාර පකිස්ථානයට එරෙහිව සිය මංගල එක්දින ශතකයද ලබාගන්න සමත් වුනා.එම ලකුණු සටහනත් ඔයාලට බලන්න දෙන්නම්කො 😀

www.espncricinfo.com/
www.espncricinfo.com/

කෙසේවෙතත් එම තරඟයෙන් ලංකාවට කඩුලු 7ක පරාජයක් විඳින්න සිදු වුනා…

2006 වසරේ බංග්ලාදේශ සංචාරයට පෙරාතුව ශ්‍රී ලංකා පිලේ නායකයා වූ මාවන් අතපත්තු ආබාධයකට ලක්වීම නිසා මහේල ජයවර්ධනට නායකත්වය ද උප නායකත්වයට කුමාර් සංගක්කාරද පත් වුනා. 2009 වසරේ දී මහේල ජයවර්ධන 2011 ලෝක කුසලානයට සාර්ථක නායකත්වයක් අවශ්‍ය නිසා නායකත්වයෙන් ඉවත්වීමෙන් අනතුරුව කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත් වුනා. සංගක්කාර නායකත්වයට පත්වීමෙන් ඉනික්බිතිව පැවැත්වුනේ 2009 පන්දුවාර 20 20 ලෝක කුසලාන තරඟාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිල අවසාන මහා තරගය තෙක් රැගෙන ඒමට සංගා සමත් වූ නමුත් පකිස්ථානයට පරාජය වීමට සිදුවීම අදහා ගන්නත් බැරි වුනේ ශ්‍රී ලංකා පිල අපරාජිතව පැමිණි කණ්ඩායම වූ නිසාවෙනි. 2011 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් ඔහු එහිදීත් අවසන් මහා තරඟය තෙක් රැගෙන ඒමට සමත් වුනා. නමුත් ඉන්දීය පිල වෙතින් අමිහිරි පරාජයක් විදීමට සිදුවුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පිලේ නායකත්වයෙන් ඉවත් වූ සංගක්කාර පිතිකරුවෙකු ලෙස ස්ථාවර වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ නැංගුරම බවට පත්වෙමිනි.

සංගක්කාරගේ නායකත්ව වාර්තාව මං ඔයාලට පෙන්නන්නම්…

en.wikipedia.org/
en.wikipedia.org/

කුමාර් සංගක්කාර යන නම කියූ පමණින් අපිට මතක් වෙන්නේ මහේල ජයවර්ධන යන නාමයයි. එතරම් ඒ දේපල එකටම බැදිලා ඉන්නවා.”twin towers” යනුවෙන්ද මේ දේපල හදුන්වනවා ….

මම කලින් කිව්වා නේද දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සංගක්කාර අතර පුදුමාකාර බැදීමක් තියෙනවා කියලා… මෙන්න ඒ හේතු ටික.

    • මංගල ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවට වීම
    • සංගාගේ හොඳම එක් දින ඉනිම දකුණු අප්‍රිකාවට වීම

ලකුණු සටහනත් බලන්න ආස ඇති නේද ?

www.espncricinfo.com
www.espncricinfo.com
  • මහේල ජයවර්ධන සමග ටෙස්ට් තරඟයක ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම සම්බන්ධතාවය

එම ලකුණු පුවරුව බලන්න …

www.espncricinfo.com/
www.espncricinfo.com/

සංගක්කාර තවත් ප්‍රසිද්ධ වීමට හේතු වුයේ “Colin Cowdery” දේශනයයි. ප්‍රකට MCC ක්‍රිකට් සමාජයේ ඇරයුමෙන් Lord’s හිදී සංගක්කාර ඉතාම චතුර දේශනයක් පැවැත්වුයේ 2011 වසරේදී… එම දේශනය ලෝක වාසි ජනතාවගේ ඉමහත් ප්‍රසාදයට හේතු වුනා… NCC ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කරන සංගක්කාර IPL තරගාවලියේ SUNRISES HYDRABAD කණ්ඩායමටද ක්‍රීඩා කරනවා… වමතින් පිත්ත හසුරවන කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් වාර්තා ටික ඔයාලට දැනගන්න ආස ඇති නේද ?

  • ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට පමණක් දෙවෙනි වැඩිම ද්විත්ව ශතක ගණන (11)
  • සිව්වෙනි වැඩිම ටෙස්ට් ශතක, ශතක 38 ( තෙන්ඩුල්කාර්, කලිස් සහ පොන්ටින් ඉදිරියෙන් සිටිනවා)
  • ශ්‍රී ලංකා ක්‍රිඩකයෙකුගේ වැඩිම ටෙස්ට් සාමන්‍යය (58.66)
  • එක දිගට ටෙස්ට් තරඟ හතරකදී ලකුණු 150+ ලබා ගත් එකම ක්‍රීඩකයා
  • ටෙස්ට් ලකුණු 8000,9000, 11,000 සහ 12,000 වේගයෙන්ම ලබා ගත් පිතිකරුවා
  • ටෙස්ට් තරඟයක ඕනෑම කඩුල්ලක් සඳහා වැඩිම සම්බන්දතාවය ( මහේල 374 සංගා 287)
  • තුන්වෙනි කඩුල්ල සඳහා වැඩිම ලකුණු ( මහේල සමග ලකුණු 5890ක් එක්කර ඇත )
  • එක් දින තරඟ වලදී තෙන්දුල්කාර්ට සහ පොන්ටින්ට පමණක් තෙවැනි වැඩිම එක් දින ලකුණු එකතුව (තරඟ 397 ඉනිම 373 ලකුණු 13,693)
  • තෙන්දුල්කර්ට පමණක් දෙවැනි වැඩිම අර්ධ ශතක (93)
  • වැඩිම කඩුලු දවා ගැනීම් වලට දායක වීම ( ඇඩම් ගිල්ක්‍රිස්ට් ව අභිබවා ගියා )
  • 2014 වසරේදී ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20 20 තරඟ වලදී වැඩිම ලකුණු ලාභියා වීම

සංගක්කාර ලබාගත් සම්මාන

  • Wisden Cricketer of the Year 2012
  • Wisden Leading Cricketer, 2012
  • LG People’s Choice Award 2011, 2012
  • ICC ODI Player of the Year 2011
  • ICC Test Cricketer of the Year 2012
  • ICC Cricketer of the Year 2012
  • ICC ODI Cricketer of the Year 2013

දැන් ඔයාල ආදරේ කරන ක්‍රීඩකයෙක්ගේ ගොඩක් විස්තර දැනගත්තා නේද. ඔහු දක්ෂ ක්‍රීඩකයෙකු වගේම දැන් ඔහු නීතිඥයෙක්. ඔහු ඉතාම උගත් නිරහංකාර අසාධාරණයට විරුද්ධව නැගී සිටින්නෙක්.

ඉතින් සංගක්කාර 2015 ලෝක කුසලාන තරඟාවලියෙන් පස්සේ එක්දින තරඟවලින් ඉවත් වෙන බව කිව්වනේ. 20 20 තරඟවලින් නම් ඉවත් වුනා. අපි සංගක්කාරට සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තාවන් අභිබවා යාමට වගේම එළඹෙන 2015 ලෝක කුසලානය අපිට ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමු නේද ? ජය වේවා…

Featured image : http://resources3.news.com.au/
Sources :
http://www.espncricinfo.com/
http://stats.espncricinfo.com/
stats.espncricinfo.com/ci/content/records/83548.html
kumarsangakkara.lk/profile/
www.cricketcountry.com/players/kumar-sangakkara
en.wikipedia.org/wiki/Kumar_Sangakkara