ජීවය සහ ජීවියා යනු එකක් ද?

Share

ජීවය පිළිබඳ අර්ථ දැක්වීමේ ලිපි පෙළ 2

 

අප පළමු ලිපියෙන් සාකච්ඡාවට ගත් ආරම්භය මෙලෙස දීර්ඝ ලෙස විස්තර කරමු. ජීවය යන්න රහස් මතවාද බොහොමයකින් පිරී පවතින්නක් බව වර්තමාන අධ්‍යනයන් මනා සේ පෙන්වා දෙයි. විද්‍යාත්මක චින්තනය තුළ වර්තමානයේ ජීවය යන්නට ලබා දී ඇති අර්ථකථනය විශ්වකෝෂයට අනුව මෙසේ ය.

“Life comprises individuals, living beings, assignable to groups (taxa). Each individual is composed of one or more minimal living units called cells, and is capable of transformation of carbon-based and other compounds (metabolism), growth, and participation in reproductive acts”

එනම් එම නිර්වචනය තුළ ඇත්තේ ජීවය යන්න පැහැදිලි කරනවා වෙනුවට ජීවියා යන්න පැහැදිලි කිරීමකි. අපට විද්‍යාත්මක අධ්‍යනයන් බොහොමයක දී මතුවන්නේ මේ ආකාරයේ පැහැදිලි කිරීමක් පමණි. සැම විට ම ජීවය යන්නට දී ඇත්තේ බෙදා වෙන් කිරීමකි. පහත ලාක්ෂණික ලක්ෂණ දරන කොටස ජීවි ලෙසත්, ඒවා නොදරන, නොපෙන්වන කොටස අජීවි ලෙසත් වෙන් කොට ඇත.

  • ක්‍රමවත් බව සහ සංවිධානය
  • පරිවෘත්තිය
  • වර්ධනය සහ විකසනය
  • උද්දීප්‍යතාව
  • අනුවර්තනය
  • ප්‍රජනනය
  • ආවේණිය සහ පරිණාමය

එය එසේ වුවත් ජීවය යන්න කුමක් දැයි පැහැදිලි අර්ථකථනයක් තවමත් ඉදිරිපත් වී නොමැත.

දේවවාදී සංකල්ප ජීවය නිර්මාණය කිරීම සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු  අරභයා යොමු කරන අතර, අදේවවාදී සංකල්ප ජීවයේ ආරම්භයට විවිධ අර්ථකථන ඉදිරිපත් කොට ඇත.

  • පුබ්බේකත හේතු වාදය
  • අහේතුක අපච්චවාදය
  • නියතිවාදය

ආදි වාද මෙම ජීවය නම් සංකල්පය පැහැදිලි කිරීමට ප්‍රාමාණික උත්සාහයක් දරා ඇත. බෞද්ධ දර්ශනය මේ මතවාද සියල්ලන්ට ම පරිබාහිර අදහසක් ජීවය ගැන ඉදිරිපත් කොට ඇත. පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය,  ජීවය යන්න හේතු ප්‍රත්‍යතාව මත ගොඩ නැඟි සංකල්පයක් බවට අදහස් ඉදිරිපත් කොට ඇත. මෙම සංකල්පය තුළ වඩාත් ම ඉස්මතු වන්නේ ජිවය සඳහා වන නාම රූප ධර්මතාවයයි. එනම් ජීවියෙක් යනු නාම ධර්ම සහ රූප ධර්ම රැසකින් සමන්විත නිර්මාණයක් බවයි. මේ පිළිබඳ වැඩි දුර අධ්‍යනයක් ඉදිරි ලිපිවල දී සිදු කරන්නෙමු.

එසේ නම් ජීවය යනු කුමක් දැයි නිසි අවබෝධයක් තවමත් නූතන බටහිර විද්‍යාව තුළ නොපවතී. ඒ සඳහා දීර්ඝ අධ්‍යනයක් මේ වන විට ද සිදුවෙමින් පවතී.

ජීවියා යනු වර්ධනය (ප්‍රජනනය සහ පරිවෘත්තිය) තුළින් ක්‍රියාවලිය, ක්‍රියාව, ප්‍රතික්‍රියා, ඇගයීම සහ පරිණාමය යන පැවැත්මේ පැතිකඩයි. ජීවීය හා ජීවි නොවන දේ (හෝ ජීවී නොවන දේ) අතර ඇති තීරණාත්මක වෙනස නම් භෞතික හා සවිඥානික දියුණුවට ජීවියා ශක්තිය යොදා ගැනීමයි. ජීවියා යනු වැඩෙන හා අවසානයේ මිය යන ඕනෑ ම දෙයකි. එනම් ප්‍රගුණනය සහ සංජානනය නැවැත්වීමයි. උදාහරණයක් ලෙස වෛරස සංජානනීය යැයි අපට කිව හැකි ද? ඔව්, නමුත් උත්තේජකවලට ප්‍රතික්‍රියා කරන තුරු ඔවුන් ජීවතුන් අතර සිටින්නේ ඒවා ප්‍රජනනය කරන හා වැඩෙන බැවිනි. පරිගණක ජීවමාන නොවේ. මන්ද ඒවාට  සංජානනය කළ හැකි වුව ද ඒවා ජීව විද්‍යාත්මක වර්ධනය (Growth) නොවන්නේ මෙන් ම ජනිතයන් බිහි නොකරයි. ජීවිතය තීරණය කරන්නේ සංජානනය නොවේ. එසේ නම් එය තරමක් දුරට ව්‍යාප්තිය හා මරණ තත්ත්වයට මුහුකුරා යාම මත මරණය සිදුවන්නේ ජීවි ද්‍රව්‍යවලට පමණි.

එසේ නම් ජීවය සත්‍ය වශයෙන් ම පවතින්නක් ද? නැතහොත් අප ජීවය සත්‍ය යැයි සිතා සිටින මායාවක් ද යන්න සිතා බැලිය යුතු ය. අප දන්නා විද්‍යාත්මක අවබෝධය තුළ උප පරමාණුක අංශු තුළින් පදාර්ථයේ බෙදීම අවසන් වේ. පසුව ගොඩ නඟන ලද ක්වන්ටම් විද්‍යාව මේ පදාර්ථයේ ශක්තිමය  පසුබිම සාකච්ඡාවට බඳුන් කළ ද එහි සත්‍ය වශයෙන් ම ඇති සබඳතාව විග්‍රහ කොට නැත.

වර්නර් හයිසන්බර්ග්, යම් වස්තුවක පිහිටීම හා වේගය යන දෙක ම න්‍යායත්මක  ව එකවර හරියට ම මැනිය නොහැකි බව පවසයි.

අවිනිශ්චිතතා මූලධර්මය පැන නඟින්නේ තරංග අංශු දෛවතයෙනි. සෑම අංශුවකට ම එයට සම්බන්ධ තරංගයක් ඇත්තා සේ ම සෑම අංශුවක් ම තරංග වැනි හැසිරීම් පෙන්නුම් කරයි. අංශුව බොහෝ දුරට සොයාගත හැක්කේ තරංගයේ උච්චාවචනයන් වැඩි ම හෝ වඩාත් තීව්‍ර වන ස්ථානවල ය. කෙසේ වෙතත්, ආශ්‍රිත තරංගයේ උච්චාවචනයන් වඩාත් තීව්‍ර වන තරමට තරංග ආයාමයක් බවට පත්වන අතර එමඟින් අංශුවේ වේගය තීරණය වේ.

විද්‍යාත්මක ව පැහැදිලි කරන ජීවියා පදාර්ථයෙන් සෑදී පවතින්නේ නම්, උපපරමාණුක අංශු මඟින් සෑදී පවතින්නේ නම්, මෙලෙස විස්තර කරන ශක්ති සම්බන්ධතාවයට කුමක් වී ද? අප තවමත් සොයමින් සිටින්නේ එයයි. සෛලීය ශ්වසනය නිපදවන ශක්තිය පරිවෘත්තිය භාවිත කළත් ජීවය නැමැති ශක්තිමය රාමුව පවත්වාගෙන යාමට භාවිත කරන බව අපි  තවමත් නොදනිමු. භෞතික ශරීරයේ ශක්තියේ හැසිරීමට අපට ලබාදිය හැකි අර්ථකථන මෙපමණ ද? ඉදිරි ලිපියෙන් මේ ගමන අලුත් මානයකට රැගෙන යමු.

 

References:

Image Courtesies:

 
Tagged : / /