ජීවිතය සහ වෘත්තිය

Share

ජීවත්වීමට මුදල් උවමනාය, මුදල් ඉපයීමට නම් කිසියම් වෘත්තියක නියැලිය යුතුය.මේ යුගල එකිනෙක හා සමගාමීව පැවතුනද කෙදිනක හෝ ජීවිතය සහ වෘත්තිය පටලවා ගතහොත් ජීවිතයම අනාගැනීමට සිදුවේ. එක් අතකට වෘත්තිය සහ ජීවිතය සමබරවපවත්වා ගැනීම අතුරේ යෑමක් හා සම කලත් වරදක් නැතැයි මම සිතමි.

විවිධ සමාජ තල වල සිටින වෘත්තිකයන් අපේ ජීවිත වල අපි කෙතරම ඇසුරු කරනවාද ?? සමාජ සහසම්බන්ධතා එක්ක අපි විවිධ  පුද්ගලයන් ඇසුරු කරනවා. ඔවුන් සියලු දෙනාවිවිධාකාරයි, කිසිවෙකුත් තවකෙකුට සමාන නැහැ. සමහර වෘත්තිකයන් සමාජයේ හරි ඉහලය්, එවැනි වෘත්තිකයින්ට සමාජයේ තියෙන්නෙ ඉහල ගෞරවයක් ඉහල වටිනාකමක්. ඒත්ඉතින් ඒ අතරේ සමාජයේ ගැරහුමට ලක්වෙන වෘත්තීනුත් නැතුවම නෙවෙයිනේ. අපි යම්දෙයකට අකමැතිවූවා කියා අපිට ඒ දෙය වෙනස් කිරීමට බැහැනේ එය තවත් කෙනෙක්ගේ තෝරා ගැනීමක් කැමැත්තක්. ඒ ඔවුන්ගේ අයිතියට ගරු කරන්න බැරිනම් අඩුම තරමින් එය ඉවසීමටවත් අපිට හැකියාවක් තිබිය යුතුයි.

ඉහලපෙලේ වෘත්තිකයින් එහෙම නැත්නම් ගරු වෘත්තිකයින් දිහා බැලුවම සරලව ජීවිතගෙන යන අය ඉන්නෙ හරිම අඩුවෙන්. සමහරුන් තමගෙ ජීවිතේ ගොඩනගාගෙන තිබෙන්නේත් වෘත්තිය ගැන හිතලා. වෘත්තියයි ජීවිතයයි කවදාවත් එකම දෙයක් වෙන්න පුලුවන්ද ??

වෘත්තිය…  ඒක ජීවිතයේ එක දෙයක් විතරයි, ඒත් ජීවිතය කියන්නේ ??…….. විදින්න තියෙන ජීවිතය ලෝකයා සතුටු කරන්න මුලාවක දාගන්නවද නැත්නම් වෘත්තියත් ජීවිතයත් දෙකම සමබර කරගෙන සතුටින් ජීවත්වෙනවාද කියන තීරනය ඒ ඒ පුද්ගලයා අනුව ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ ශක්තිය අනුව සෑමවිටම වෙනස් වෙනව. මට හිතෙන විදියටනම්වත්මන් සමාජයේ වැඩිපුර ඉන්නේ ජීවිතය ජීවත් කරවන මිනිස්සු නෙවෙයි වෘත්තිය ජීවත් කරන් මිනිස්සු.

කොහොම උනත් වෘත්තිය මත ජීවිතය ගොඩනගාගත්තු මිනිස්සුන්ට හොඳ පැවැත්මක් තියේවි, ඒත් ජීවිතයේ සතුට සැනසීම කියන දේ ඔවුන් බලාපොරොත්තුවෙන විදියටනම් කවාදාවත් ලැබෙයි කියල මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඒත් ජීවිතය මත වෘත්තිය ගොඩනගාගත්තු මිනිස්සු ගොඩක් සරල විදියට උනත් තමන්ගේ සතුට සැනසීම ලබාගෙන ජීවිතය විඳිනවා. මගේ  ජීවිතේ මම ගරු කරන්නේ මම අනුගමනය කරන්නේ අන්න ඒ වගේ ජීවිතය හොයාගෙන යන මිනුස්සුන්ව. ආයෙත්පොඩ්ඩක් හෙමින් හැරිලා බලන්න…….ඔබටත් තියෙන්නේ  ජීවිතයක් ද එහෙමත් නැත්නම් වෘත්තියක්ද කියලා……….