හුදෙකලාවට තිතක්
නිවා කඳුළැලි පොදක්
සුසුම් රැල් ගෙන විගස
මුවට දී සිනහවක්
වෙහෙසබර දිනයකට
පොවා ජීවය බිඳක්
ළ’තෙත් වදනින් පිරුණු
සරදමැ’ ති මුදු බසින්…..
දිනක් ඒවිය ඉතින්
දුරස් වන්නට මඳක්
ඇගේ රුව නුඹෙ දෑස
තුළින් දිදුලන දිනේ….
දිනය පුබුදුවනු ඇත
ඇගේ මුදු කොමළ බස්
දිවිය රස කරනු ඇත
ඇගෙ සොඳුරු කවටකම්…
රස හැඟුම් හද පිරෙන
දිනය තුළ එක් සැණක්
සිහිවේද බිඳක් හෝ
ගෙවී ගිය මිතුරු සිත්…
සිහිවුවොත් දිනෙක යම්
ඒ මතක යළි වරක්
සිහිනෙකින් හෝ ඇවිත්
ඉන්නව ද ළඟ ටිකක්….
අද මෙන් ම මිතුර වී…….
Picture credit : https://bit.ly/2Tj1xna