ඔබ ගැටලු සාගරයක අතරමන් වෙලාද ?

supun 0 Comments

article-0-11C9E1B6000005DC-269_468x312ඔබ ගැටලු සාගරයක අතරමන් වෙලාද ? කිසියම් ගැටලුවකට පිලිතුරක් ලැබෙන්නේම නැද්ද ? මෙවන් මොහොතක ඔබ කරනුයේ කුමක්ද ?
එවන් මොහොතක කල හැකි බොහෝ දේ ඇත. ඒ අතර නිවරදි තීරණ මෙන්ම වැරදි තීරණද රාශියක් විය හැකිය. නමුත් තීරණයක් ගැනීමට පෙර මේ පුද්ගලයා පිලිබඳවත් තොරතුරු සොයා බලන්න.

ඔහු නමින් නිකලස් ජේම්ස් නික් වුජිසික්ය. 1982 දෙසැම්බර් මස 4 වනදා ඕස්ට්‍රේලියාවේ උපත ලබන විටත් ඔහු සුවිශේෂී අයෙක්ව සිටියා. ඒ ඔහුට දෑත් හෝ දෙපා කිසිවක් උපතින්ම පිහිටා නොතිබුනු බැවිනි. අතිශය දුර්ලභ රෝගයක් වන ටෙට්‍රා ඇමේලියා සින්ඩ්‍රෝම් යන රෝගයේ ගොදුරක් බවට ඔහු පත්ව තිබුනා.

නමුත් එසේ දෑත් දෙපා අහිමිව උපත ලද ඔහු සිටින්නේ කොහිද ?

ඔහු ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණය සහ මූල්‍ය කළමණාකරණය පිලිබඳ උපාධිධාරියෙකි , දයාබර සැමියෙකි , සෙනෙහෙබර පියෙකි….  තමන් හමුවේ පැවති සියලු අභියෝග ජයගත් ඔහු අද ආබාධ සහිත වූවන්ගේ මානසික වර්ධනය සහ තරුණ ගැටළු පිලිබඳව දේශකවරයෙකි.

ඔහුගේ ජීවිතය තුල අත් පා ඇති මිනිසුන්ටත් නොකල හැකි වූ දේ බොහොමයක් ඔහු විසින් සිදු කර ඇත. 2005 වසරේ දෑත් දෙපා ඇත්තවුන් අභිබවමින් ඔහු වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙසද තේරී පත් විය.

මේ http://www.attitudeisaltitude.com/ හි ඔහු විසින් සඳහන් කර තිබුණු ඔහුගේ ජීවිත කතාවේ අනුවාදයයි.

“ මගේ නම නික් වුජිසික්. මීට වසර තිහකට පෙර දෑත් දෙපා නොමැතිව හෝ උපත ලැබීම ගැන මා දෙවියන්ට අතිශය ස්තූතිවන්ත වෙනවා. මගේ ජීවිතය සරල එකක් වූවා යයි මා කියන්නේ නැහැ. නමුත් මගේ දයාබර දෙමාපියන්ගේ ආදරය, සමීපතමයන්ගේ සෙනෙහස, නිසාවෙන් මා හට එම ගැටළු ජය ගැනීමට මෙන්ම ජීවිතයට අරුතක් එක් කර ගැනීමටත් හැකි වූවා. දැන් මාගේ දිවිය සතුටින් පිරී තිබෙනවා. දැන් මා කැලිෆෝනියාවෙ මාගේ බිරිඳ සමග අතිශය සතුටින් කාලය ගත කරනවා. මාගේ එකම පැතුම මාගේ ජීවිත කතාව ඔබ ඔබේ දිවියට පන්නරයක් කර ගැනීමට උදව් දීමයි.

වයස අවුරුදු 14 දී කැලිෆෝනියාවට සංක්‍රමණය වන තුරු මා හැදී වැඩුනේ මෙල්බර්න්හි යි. වයස අවුරුදු 10දී මා නාන බේසමක ගිලී මාගේ ජීවිතය තොර කර ගැනීමට උත්සාහ කලා. නමුත් එහිදී මා තේරුම් ගත් දෙය තමා මගේ ආදරණීයයන් තනි කර දමා යාමට මා හට ශක්තියක් නොමැති බව. මගේ දෙමාපියන් මාව ඇතුලත් කලේ සාමාන්‍ය දරුවන් සිටි පාසලකට. ඒ හරහා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ මූලික පදනම ලැබුණා. එසේම මගේ සොහොයුරන් හොදම මිතුරන් වීමත් මා ලද වාසනාවක්.

අනතුරුව මා  මානසිකව පසු බෑමට ලක් නොවුනත් අපහසු කාලයන් තිබුනා. වරක් වයස අවුරුදු 13 දී ටයිප් කිරීමට, ලිවීමට, පිහිනීමට යොදා ගත් පාදයේ කොටස ආබාධයකට ලක් වීම නිසා ඉමහත් අපහසුතාවකට ලක් වූවා. එහිදී මා තේරුම් ගත් දෙය තමයි මා හට නොමැති දේ ගැන සිතනවාට වඩා මා සතු දේ රැක ගැනීම වැදගත් බව. මගේ පාසලේ සුලු සේවකයෙක් මා පිරිසක් ඉදිරිපිට කතා පැවැත්වීමට දිරිමත් කල නිසා ක්‍රමයෙන් මා කථිකයෙක් බවට පත් වූවා. වරක් සිසුන් 300 පමණ ඉදිරිපිට කතාවක් පැවැත්වීමට සිදු වූවා. චකිතය නිසාවෙන් මා වෙව්ලමිනුයි කතාව ඇරඹුවේ. මද වෙලාවක් යත්ම ගැහැණු ළමුන් අඩකට වඩා අඩන්නට ගත් අතර පිරිමි ළමුන් සිය හැගීම් සගවා ගන්න වෙර දරනු පෙනුනා. ඒ අතර එක් ගැහැනු ළමයෙක් අත ඔසවා සමාවෙන්න මා හට ඔබ වැලඳ ගන්නට අවසරදැයි විමසූවා. සියල්ලන් ඉදිරියේ මා වැලදගත් ඇය මගේ කණට ලන් වී ” මාගේ සැබෑ ස්වරූපයේ අලංකාරය පැහැදිලි කර දුන්නාටත් ඔබේ ආදරබර වදන් වලටත් ස්තූතියි ” කියා මිමිණුවා.

මගේ වචන ඇයව දිරිමත් කලා සේම ඇයගේ වචන මා හට රටවල් 44ක දේශණ වාර 2000 කට අධික සන්ඛ්‍යාවක් පැවැත්වීමට දිරි දුන්නා.ඔබ කොහේ කොතනක සිටියත් මගේ කතාව හරහා දිරිමත් වනු ඇතැයි මා විශ්වාස කරනවා.

අහස උසට සිහින දකින්න….
ඒ සිහිනයන් වෙනුවෙන් ඔබේ ජීවිත යාත්‍රාව දියත් කරන්න…
අප සියල්ලන්ටම වැරදීම් සිදු වනවා ….
නමුත් අප කිසිවෙකුගේ ජීවිතය යනු වැරදීමක් නොවේ….
ධනාත්මකව සිතන්න…. අභියෝගයන්ට අභියෝගයක් වන්න….
ඔබ ලොව ජය ගනු ඇත…

මීට හිතවත් නික්  “